මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය විද්‍යායතනය ජනතා අයිතියට :මැලිබන් ටෙක්ස්ටයිල් පරිත්‍යාගයක්

මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය විද්‍යායතනය ජනතා අයිතියට :මැලිබන් ටෙක්ස්ටයිල් පරිත්‍යාගයක්

ජාතික රෝහලේ නව මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය සහ වකුගඩු රෝග විද්‍යායතනය අගමැති මහින්ද රාජපක්ෂ විසින්  (29) දින පෙරවරුවේ දී විවෘත කරනු ලැබිය.

නිදහස් සෞඛ්‍ය සේවයේ ප්‍රතිලාභ සමස්ත ජනතාවට සමීප කිරීමේ උදාර අරමුණ පෙරදැරිව ඊ.ඒ.එම් මැලිබන් ටෙක්ස්ටයිල් පෞද්ගලික සමාගම සිය පූර්ණ ධන පරිත්‍යාගයෙන් මෙම තෙමහල් ගොඩනැගිල්ල ඉදිකර තිබේ.

දැඩි සත්කාර ඒකක ඇඳන් 13 කින් ද සමන්විත මෙම විද්‍යායතනය ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 300කට ආසන්න වේ.

සමරු ඵලකය නිරාවරණය කරමින් නව මෞත්‍ර ශල්‍ය වෛද්‍ය සහ වකුගඩු රෝග විද්‍යායතනය ගොඩනැගිල්ල විවෘත කළ අගමැතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවකට ද එක්වූයේය.

මෙම පරිත්‍යාගය කළ ඊ.ඒ.එම් මැලිබන් ටෙක්ස්ටයිල් පෞද්ගලික සමාගමේ සභාපති ඉල්ලියාස් අබ්දුල් කරීම් සමඟ අගමැතිවරයා සුහඳ කතාබහක ද නිරත විය.

අද දින මෙම වෛද්‍ය ආයතනය විවෘත කිරීමේ අවස්ථාවට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය එස්.එච් මුණසිංහ, පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජාතික රෝහලේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩබ්ලිව්.කේ වික්‍රමසිංහ, ඊ.ඒ.එම් මැලිබන් ටෙක්ස්ටයිල් පෞද්ගලික සමාගමේ සභාපති ඉල්ලියාස් අබ්දුල් කරීම් ඇතුළු එම සමාගමේ නිලධාරී  පිරිසක් එක්ව සිටියහ.

KUMA9921

KUMA9858

 PMO6950

 PMO6952

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න