ඩමියට හපන් : ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ජාතික ධඡ අවුලක් !

ඩමියට හපන් : ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ජාතික ධඡ අවුලක් !

නව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය ජනාධිපති ජේෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධනත්වයෙන් අද (29) පෙරවරුවේ වීවෘත කෙරුණු අතර ඉදිරියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ජාතිය ඇමතීමට මෙම ස්ථානය යොදාගන්නා බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක පවසයි.

ජනාධිපතිවරයාට මෙන්ම ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයාද සතිපතා මාධ්‍යවේදීන් හමුවීමටත් ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීමටත් මෙම ස්ථානය භාවිතා කිරීමට සියලු පහසුකම් සපයා ඇත.

කෙසේ වුවත් අද විවෘත කෙරුණු ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වක්‍ර ලේඛන නොතකමින් ජාතික කොඩිය සැරසිල්ලක් බවට පත් කිරීම සම්බන්ධව සමාජ මාධ්‍ය තුල දැඩි විවේචනයක් එල්ල වෙමින් තිබේ.

"පළමු අවස්ථාවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය කර තිබී "ඒක ඩමියක්" බව පැවසීමෙන් දැඩි සංවාදයට හා විවේචණයට ලක් වු ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ මාධ්‍යවේදීන් ඇමතීමේ ස්ථානය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති ‘ජාතික කොඩිය භාවිත කිරීමේ රීති සංග්‍රහය‘ මුළුමනින්ම උල්ලංඝනය වන පරිදි සැරසිලි කොට ඇති පෙනීයයි.

1987 පෙබරවාරි 4 දින නිකුත් කරන ලද සහ 2016 අංක 4 යටතේ නැවත නිකුත් කරනු ලැබූ ‘ජාතික කොඩිය භාවිත කිරීමේ රීති සංග්‍රයට‘ අනුව උත්සව ශාලාවක එක් ප්‍රධාන ජාතික කොඩියක් පමණක් ප්‍රදර්ශනය කළ යුතුය. එය ප්‍රදර්ශනය කළ යුුතු ආකාරය රූප සටහන් මගින් ද දක්වා ඇත.

001

002

003

004

ජාතික කොඩියට ඉහළින් කිසිවක් නොපැවතිය යුතු බව ව්‍යවහාරයක් ලෙස සෑම ජාතික උත්සවයක, සැරසිල්ලකම මුලික අඛ්‍යානය වේ. මාධ්‍ය මධ්‍යෂ්ථානයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ රූපය සවිකර ඇත්තේ ද ජාතික කොඩියට උඩිනි.

005

006

ජාතික කොඩිය සැරසිල්ලක් ලෙස භාවිත නොකළ යුතුය යන්න නොතකා කිංස්ලි රත්නායක විසින් ඩමියක් ලෙස හදුන්වා දුන් ආකාරයෙන්ම ජාතික කොඩි දෙකක් සහිත මාධ්‍ය කේන්ද්‍රයේ පීඨිකාව සකසා ඇති බවක් පෙන්නුම් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න