හෝමාගම, ජ'පුර Online ළමා අපචාරවලට වැඩි වශයෙන් ගොදුරු වන ප්‍රදේශලු - මහාචාර්ය මුදිත විදානපතිරණ

හෝමාගම, ජ'පුර Online ළමා අපචාරවලට වැඩි වශයෙන් ගොදුරු වන ප්‍රදේශලු - මහාචාර්ය මුදිත විදානපතිරණ

ඔන්ලයින් හරහා දරුවන් හිංසනයට සහ විවිධ අපචාරවලට වැඩි වශයෙන් ගොදුරු වන ප්‍රදේශ දෙකක් හැටියට හෝමාගම සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හඳුනාගෙන ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ පවසයි.

කෙසේ වෙතත් මෙම ප්‍රදේශවල එවැනි සිදුවීම් වැඩිවීමට හේතුව නිශ්චිත වශයෙන් තහවුරු වී නැතත් ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලා ගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.

බොහෝ විට හෝමාගම වැනි ප්‍රදේශවල ඇඟලුම් කම්හල් සේවය කරන පිරිස් වැඩි වශයෙන් සිටීම ඊට හේතු වන්නට ඇතැයි මහාචාර්යවරයා සැක පළ කරයි.

මේ අතර පසුගිය වසර පහ සැලකිල්ලට ගත් කළ ඔන්ලයින් හිංසන වැඩියෙන්ම වාර්තා වී ඇත්තේ පසුගිය 2020 වසරේදීය. එම වර්ෂයේදී වාර්තා වී ඇති ඔන්ලයින් හිංසන පිළිබඳ පැමිණිලි සංඛ්‍යාව 152කි.

එසේම මේ වසරේ මේ දක්වා එම පැමිණිලි 74ක් වාර්තා වී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

ඔන්ලයින් අධ්‍යාපනය සඳහා දරුවන් අතට ජංගම දුරකථන සහ පරිගණක වැඩි වශයෙන් පත්වීම ඔන්ලයින් හිංසන ඉහළ යාමට ප්‍රධාන හේතු සාධකයක් වී ඇතැයි ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රධානීහු පවසති .

ලංකාදීප

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න