Language Switcher

V2025

සීනි වැටලීම් අස්සේ : රවීටත් දේශපාලන මඩක් !

තම සමාගම විසින් සීනි තොග සඟවා ගෙන තිබියදී පාරිභෝගික අධිකාරිය විසින් අත්අඩංගුවට ගත් බවට ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ග්ලෝබල් පාර්ක් සමාගම නිවේදනය කරයි.

 එම සමාගම වෙනුවෙන් එහි සාමාන්‍යාධිකාරී ප්‍රියංක දිසානායක නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ,  තම ආයතනය කිසිදු අයුරකින් අනවසර සීනි හෝ වෙනත් නීතියට පටහැනි භාණ්ඩ ගබඩා කිරීමක් සිදුකර නොමැති බවයි. 

ග්ලෝබල් පාර්ක් සමාගම සැලකෙන්නේ හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ දියණියට අයත් සමාගමක් ලෙසයි.

පසුගිය දිනවල පාරිභෝගික අධිකාරිය අනවසර සීනි ගබඩා කිහිපයක් වැටළු අතර එම ගබඩා අයත් සමාගම් අතර පිරමීඩ් විල්මා සමාගම, ග්ලෝබල් ට්‍රේඩින් සමාගම, විල්සන් ට්‍රේඩින් සමාගම සහ, ආර්. ජි. ස්ටෝර්ස් යන සමාගම් තිබිණ .

එම ලේඛනයේ හිටපු අමාත්‍ය රවි කරුණානායකගේ  දියණියට අයත් ග්ලෝබල් පාර්ක් සමාගමට නමින් සමාන වූ ග්ලෝබල් ට්‍රේඩින් සමාගම ද තිබීම නම්වල ඇති එම සමානකම පාදක කර ගනිමින් හිටපු අමාත්‍යවරයාගේ දියණියට අයත් සමාගමට දේශපාලනිකව මඩ ප්‍රහාරයක් එල්ල වන බව ද නිරීක්ෂණය වෙයි.

පහත දැක්වෙන්නේ හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ දියණියට අයත් ග්ලෝබල් පාර්ක් සමාගම නිකුත් කළ සම්පූර්ණ නිවේදනයි.

3763a474 5ba5 4597 8935 6e83f9ac6896

bb372b9d 78aa 4c50 a014 50515d8bdb9c