Language Switcher

V2025

බණ්ඩාරනායක ගුවන් තොටුපළේ දෙවන අදියර කොටඋඩ ?

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කල්යමින් තිබීම සම්බන්ධව පාර්ශව රැසක විරෝධය පළවෙමින් තිබේ.

මේ වන විටත් ගුවන් තොටුපළ ඉංජිනේරුවන් නීර්ණය කර ඇත්තේ අදාළ ව්‍යාපෘතිය අවසන් කිරීම දැඩි ප්‍රමාදයකට ලක්වනු ඇති බවත් අපේක්ෂිත ප්‍රතිඵල ලැබීම සම්බන්ධව තක්සේරුවක් කිරීම පවා දුෂ්කර බවයි.

ඊට හේතුව ලෙස වාර්තා වන්නේ China State Construction Engineering Corporation ආයතනය මෙහි ඉදිකිරීම් කටයුතු බාරගෙන මාස කිහිපයක් ගතවුවත් මෙතෙක් කිසිඳු කටයුත්තක් ආරම්භ කර නොතිබීමය.

වත්මන් ආණ්ඩුව යටතේ මෙකී ඉදිකිරීමේ කටයුතු China State Construction Engineering Corporation වෙත ලබාදෙන විට ඒ සම්බන්ධව බරපතළ විරෝධයක් මතුවිය. විශේෂයෙන් දෙවන පර්යන්තයේ ඉදිකිරීම් සම්බන්ධ උපදේශක සමාගම වන Japanese Airport Counsultant ද ඊට විරෝධය පළකර ඇත.

කෙසේවුවත් ඒ සමයේ මාධ්‍ය වාර්තා පළවුයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ මැදිහත්වීම සහ ඩොලර් මිලියන 20 ක පමණ අල්ලසක් මත China State Construction Engineering Corporation වෙත අදාළ ඉදිකිරීම් පැවරුණු බවය.

විශ්වාසදායක ආරංචිමාර්ග පවසන්නේ , China State Construction Engineering Corporation මෙවැනි වැදගත් ඉදිකිරීමක් සම්බන්ධව කොහෙත්ම විශ්වාසය තැබිය නොහැකි ආයතනයක් බවය. ඒ දකුණු අධිවේග මාර්ගය තැනීමේදී මෙන්ම මහවැලි අධිකාරියේ සිදුකළ ව්‍යාපෘති වලදී පෙන්වා ඇති අසාර්ථකබව නිසා යැයිද පැවසේ. ඒ අත්දැකීම් හරහා China State Construction Engineering Corporation නිසි ගුණාත්මක ප්‍රමිතියට නොතිබීම, කලට වෙලාවට වැඩ අවසන් නොකරන ආයතනයක් ලෙස තහවුරු බවත් එබැවින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දෙවන අදියර වැනි ව්‍යාපෘතියකට කොහොත්ම නොගැළපෙන බවත් අමුතුවෙන් කියන්න දෙයක් නොමැති බවය.

මේ සම්බන්දව සිවිල් හා ගුවන් සේවා සමාගමේ ඉංජිනේරුවරුන් විසින් පාර්ලිමේන්තු කෝප් කමිටුවටද සාක්ෂි සහිතව ඉදිරිපත්කර ඇති බවට ආරංචි මාර්ග වලින් සදහන් වේ.

එසේම දැනටමත් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන් මේ ගැන දැනුවත් කරමින් ඇති බවත් එම ආරංචිමාර්ග පවසයි. කෙසේවුවත් මේ ආකාරයට දිගින් දිගටම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කල්යමින් තිබීම සම්බන්ධව ගුවන් සමාගමේ නිලධාරීන්ද නිහඬ ප්‍රතිපත්තියක සිටින බවත් ඊට හේතුව අමාත්‍යවරයකුගේ බලපෑම බවද එම ආරංචිමාර්ග පවසයි.

WhatsApp Image 2021 09 02 at 22.34.28

WhatsApp Image 2021 09 02 at 22.34.29

මෙම සමාගමට අවශ්‍ය වන පරිදි සුදුසු කාර්යාලයක්වත් නඩත්තු කරගැනිමේ නොහැකියාව හා සුදුසු ඉංජිනේරුවරුන් හා නිලදාරීන් නොමැති සිල්ලර ටකරම් කඩයක් වැනි China State Construction Engineering Corporation කාර්යාලය මෙම ජායාරූපවලින් දැක්වේ.