ශ්‍රී ලංකා පොලිස් සේවය පිහිටුවා අද (03) දිනට වසර 155ක් සපිරෙයි.
වාර්තා වන ආකාරයට පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ පොලිස් සේවයට වසර 155ක් සපිරීම නිමිත්තෙන් පොලිස් දින සැමරුම පැවැත්වෙන්නේ නැත. ඒ වෙනුවට පොලිස් ස්ථාන හා පොලිස් කාර්යාල මට්ටමින් පොලිස් ධජය එසවීම පමණක් සිදුකිරීමට තීරණය කර ඇත.
මේ අතර පොලිස් සේවයේ 11,700ක් මේ වනවිට කොවිඩ් 19 වසංගතයට ගොදුරු වී ඇති බව වාර්තා වේ.
මහජන ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් වන අතර එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මේ දක්වා කොවිඩ් වෛරසය අසාදනය වීමෙන් පොලිස් නිලධාරීන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
