ලබන සඳුදායින් පසු රට තවදුරටත් වසා තබනු ඇතැයි, තමා විශ්වාස නොකරන බව කොරෝනා මර්දන රාජ්‍ය අමාත්‍යවරිය වන විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.
ඒ අනුව සඳුදා සිට රට ක්‍රමානුකූලව විවෘත කිරීමට රජය කටයුතු කරනු ඇති බවත් ඇය පවසයි.
රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ , වාර්තාවන රෝගීන්ගේ සහ මරණ සංඛ්‍යාවන්හි අඩුවක් ද දක්නට ඇති බවත් සති 4ක කාලයක් රට වසා තැබීම ප්‍රමාණවත් බවත් ය.
ඒ අනුව එන්නත්කරණය සහ අනෙකුත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් රට ක්‍රමානුකුලව විවෘත කිරීමට රජය කටයුතු කරනු ඇතැයි, ඇය සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
