පොත් අලෙවි හල් වෙනුවෙන් පොලිස්පති මැදිහත් වෙයි !

පොත් අලෙවි හල් වෙනුවෙන් පොලිස්පති මැදිහත් වෙයි !

කොවිඩ් 19 සංචරණ සීමා සමයේ පොත් අලෙවිහල් විවෘත කර තැබීමට අවසර දෙන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙතින් ඉල්ලා ඇත.

මේ බව සඳහන් කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් නිවේදනයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.

සංචරණ සීමා සමයේ රජය පනවා ඇති සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් සහ මහජන පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ පොත් අලෙවිහල් විවෘත කර තැබීමට අවසර දෙන මෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්ත මහතා විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ලේකම් සමන්ත ඉන්දීවර සමරසිංහ මහතා පොලිස්පතිවරයාගෙන් කළ ලිඛිත ඉල්ලීමකට අනුව පොලිස්පතිවරයා විසින් මේ නිර්දේශය කර තිබේ.

වසර එක හමාරක් රට වරින් වර වසා තැබීමෙන් පොත්හල් ද වසා තැබීමට සිදුවූ නිසා පොත් ප්‍රකාශන කර්මාන්තයට ඛේදනීය තත්ත්වයකට මුහුණපෑමට සිදුව ඇති බව පෙන්වාදෙන පොත් ප්‍රකාශකයින්ගේ සංගමය දිගින් දිගටම පොත්හල් වසා තැබුව ද සේවක වැටුප්, දීමනා මෙන්ම ගොඩනැගිලි කුලී ගෙවන බව සඳහන් කරයි. පොත්හල් දිගටම වසා තැබීම නිසා පාසැල් දරුවන්ගේ අධ්‍යාපනයට ද අහිතකර බලපෑම් එල්ලවී ඇති බව පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පවසයි.

දරුවන්ට අවශ්‍ය පොත්පත් නැතිව මාර්ගගත අධ්‍යාපනයේ වුවද නියැලීමට නොහැකිවී ඇති බව ද එම ලිපියෙන් පැහැදිලි කර ඇත.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් පාසැල් දරු දැරියන්ගේ දැනුම වර්ධනයට අවශ්‍ය පොත්පත් මිලදී ගැනීමට පොත්හල් විවෘත කර තැබීම සුදුසු බව නිර්දේශ කරන මෙන් පොලිස්පතිවරයා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න