පක්ෂ 10 ට මහින්ද දුන්න සාකච්ඡාව හදිසියේ කල්දාලා !

පක්ෂ 10 ට මහින්ද දුන්න සාකච්ඡාව හදිසියේ කල්දාලා !

කෙරවළපිටියේ යුගදනවි විදුලි බලාගාරයෙන් 40%ක් ඇතුළු යටිතල පහසුකම් ප්‍රමාණයක් ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට ලබා දීම සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ විසින් ආණ්ඩුවේ හවුල් කාර පක්ෂ 10ක නායකයින් සඳහා අද (22) ලබාදී තිබූ සාකච්ඡාව හදිසියේ කල්දමා ඇති බව වාර්තා වෙයි.

ඒ අගමැති මහින්ද රාජපක්ෂට අද දින මෙම සාකච්ඡාවට සහභාගී වීම අපහසු බව දන්වමිනි.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන , අගමැති කාර්‍යාලය අදාළ පක්ෂ නායකයන් හට දැනුම්දි ඇත්තේ , හෙට (23) දිනයේ ඒ සාකච්ඡාව අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවය.

මෙම සාකච්ඡාවට පෙර ආණ්ඩුවේ පක්ෂ 10 නියෝජිතයන් කොමියුනිස්ට් පක්ෂ කාර්‍යාලයේ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ නිවසේ රැස්ව සාකච්ඡා කර ඇති බවත් මාධ්‍ය වාර්තා කර තිබිණ.

අගමැති මහින්ද රාජපක්ෂ අද (22) සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස දැනුම්දී අමාත්‍ය වාසුදේව නානායක්කාර වෙත ඇමතුමක් දී ඇත්තේ ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ නිල නිවසේ පිරිස සාකච්ඡා කරමින් සිටින අවස්ථාවේ බවත් වාර්තා වෙයි.

මේ හමුව සමාජ මාධ්‍ය වෙබ් අඩවි වාර්තා කර තිබුණේ වාසුලා මෛත්‍රීගේ නිවසේ කඩු මැදීමක් ලෙසයි.

කෙරවළපිටියේ යුගදනවි විදුලි බලාගාරයෙන් 40%ක් ඇතුළු යටිතල පහසුකම් ප්‍රමාණයක් ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට ලබා දීමේ ගිවිසුම ආණ්ඩුව පසුගිය 17 වනදා රාත්‍රී 12.6ට අත්සන් කළ බව මේ වන විට අනාවරණය වී ඇත.

පළමුව මේ සඳහා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවක පිටපත අමාත්‍යවරුන් වෙත ලබානොදී, කැබිනට් අනුමැතිය ලැබුණු බව සඳහන් කළ නමුත් ඊට ආණ්ඩුවේ අමාත්‍යවරුන් වූ වාසුදේව නානායක්කාර , විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල විරෝධය දක්වා ඇත.

අනතුරුව එය යළිත් ඉදිරිපත් කර සම්මත කිරීමට උත්සාහ කළත් එයත් ඉහත අමාත්‍යවරුන්ගේ විරෝධය හේතුවෙන් සංශෝධනය කිරීමට එකඟව ඇත.

ඊට අදාළ සාකච්ඡාවක් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආටිගල ඇතුළු පිරිසක් වාසු, විමල් , උදය සමග සිදුකර ඇති නමුත් එදින මධ්‍යම රාත්‍රියේ ගිවිසුම අත්සන් කර ඇත්තේ , මේ අමාත්‍යවරුන් ගේ අදහස් නොතකමිනි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න