කොවිඩ් වැළඳී සිටි වෛද්‍ය එලියන්ත අභාවප්‍රාප්ත වෙයි

කොවිඩ් වැළඳී සිටි වෛද්‍ය එලියන්ත අභාවප්‍රාප්ත වෙයි

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රාජකීය වෛද්‍යවරයා වූ ඒලියන්ත වයිට් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මීට සුළු මොහොතකට පෙර දිවියෙන් සමුගෙන ඇති බවයි අපවෙත වාර්තා වෙයි.

නාවික හමුදා කඳවුරක් හරහා කොවිඩ් වෛරසය ව්‍යාප්ත වූ අවස්ථාවේදී කුණ්ඩලිනී ශක්තිය භාවිතයෙන් නාවික හමුදා සාමාජිකයන් රැසක් බේරා ගත් ඒලියන්ත වයිට් වෛද්‍යවරයා ඉන්පසු අවස්ථා කිහිපයකදී වසංගත තත්වය සමනය කිරීමට මැදිහත් වූ අතර ඔහු පෙන්වූ සාර්ථකත්වය හේතුවෙන් ඉන්දියාවේ වසංගතය දැඩි වූ අවස්ථාවේදී ඔහුට ඉන්දියාවටද ආරාධනා කර තිබිණි.

එවකට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි  ඇතුලු ඇමතිවරුන් කිහිප දෙනෙකු සමග මෙරට ප්‍රධාන ගංගාවලට පැන් මුට්ටි අතහැරීම හරහා කොවිඩ් මර්දනයට දායකත්වය දැක්වූයේද ඒලියන්ත වයිට් වෛද්‍යවරයායි.

කුණ්ඩලිනී ශක්තිය පිළිබඳව දැඩි විස්වාසයකින් කටයුතු කළ ඒලියන්ත වයිට්  කිසිදු කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාගෙන නොතිබූ බවයි පසුගිය දිනවල වාර්තා විය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න