ඛනිජ තෙල් විෂය භාර අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයක් හරහා දේශද්‍රෝහි ක්‍රියාවක් සිදුකර ඇති බව වෘත්තීය සමිති චෝදනා කරයි.
මේ බව සඳහන් කරමින් ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමය නිවේදනයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.
1.ආණ්ඩුව නියෝජනය කරන ඛනිජ තෙල් විෂය භාර ගරු අමාත්‍යවරයා 2021. 10. 04 මාධ්‍ය සාකච්ජාවේදී ත්‍රී’මලේ තෙල් ටැංකි දැනටම ඉන්දියාව සතු බවට කරන ලද සාවද්‍ය ප්‍රකාශය දේශ ද්‍රෝහි ක්‍රියාවක් ලෙස අප දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු,
3. මෙම ප්‍රකාශය අප දකින්නේ හුදෙක් සුළු ප්‍රකාශයක් ලෙස නොව මෙම තෙල් ටැංකි ඉන්දියාවට නීතිමය ලෙස වසර 50 කට පවරා දීමට එතුමන් ඉදිරිපත් කොට ඇති යොජනාව රහසේම බලාත්මක කිරීමට සමාජය නොමඟ යැවීම සඳහා හිතා මතා සැලසුම් සහගතව යටි අරමුණින් කරන ලද ප‍්‍රකාශයක් ලෙසයි,
මෙම පිළිකුල් සහගත ප‍්‍රකාශය පිළිබදව අප වෘත්තීය සමිති ලෙසත්, රටේ සමාන්‍ය පුරවැසියන් ලෙසත් මහත් භිතියට පත්වන්නෙමු. ඒ මෙම තෙල් ටැංකි සංකීරණය ඉන්දීය තෙල් සමාගමකට නීතිමය ලෙස ලබා දීම සමඟ කෙටි කලකින් තෙල් බෙදා හැරීමේ සමස්ථ පාලනයම ඉන්දියාව සතු වනු නියත බැවිනි,
1987 ජුලි 29 අත්සන් කල ඉන්දු ලංකා ගිවිසුමේ කිසිදු සෘජු කොන්දේසියකට තෙල් ටැංකි පිළිබදව සඳහනක් නොමැත. මෙහි සඳහන් වන්නේ එම ගිවිසුමේ අරමුණ මතය. J.R ජයවර්ධන මෙම ටැංකි සංකීරණය ඇමරිකාවට බදු දීමට දැරූ උත්සහය නතර කිරිමට රජීව් ගාන්ධි මහතා ජයවර්ධන මහතාට එවන ලද ලිපියක මෙම ක්‍රියාව කලාපීය හා ඉන්දීය ආරක්ෂාවට බලපාන බැවින් එය වැලැක්වීමට කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කරන ලදි. එහි 2(iii) ජේදයේ මෙම ටැංකි සංකීරණය ඉන්දියාව සමඟ එක්ව සංවර්ධනය කල යුතු බව ප‍්‍රකාශ කරන ලදි. එම ලිපියට එකඟතාවය පලකොට JR ලිපියක් යවා ඇත. එම ලිපි දෙක මෙම ගිවිසුමේ ඇමිණුමක් ලෙස එක් කොට ඇත,
මෙය කිසිදු ලෙස නීතිමය පැවරීමක් වන්නේ කෙසේද? මීලඟට ඇමතිවරයා 2003 ගිවිසුමක් ගැන කථා කරයි. 1987 ගිවිසුමෙන් පවරා ඇත්නම් 2003 පවරන්නට උත්සහ කරන්නේ කුමන හේතුවකටද? එනම් 1987 අවබෝධතා ගිවිසුමකින් නීතිමය පැවරීමක් සිදුකල නොහැකි බව ඔහුම පැහැදිලි කරයි,
2003 පෙබරවාරි 07 මුදල් අමාත්‍යංශයේ ලේඛම් ලෙස චරිත රත්වත්තේ, තෙල් සංස්ථා සභාපති ලෙස දහම් විමලසේන ලංකා ඉන්දීය තෙල් සමාගම වෙනුවෙන් එම් නාගේෂ්වරන් යන අය අත්සන් කල තාවකාලික ලේඛනයේ 1.2 කොන්දේසිය සදහන් වන්නේ උක්ත දින සිට මාස 06ක් ඇතුලත විධිමත් බදු ගිවිසුමකට එළඹෙන බවයි. නමුත් මෙතෙක් එම බදු ගිවිසුමට එලඹ නොමැති බැවින් 2003. 08. 06 පසු LIOC යට චීන වරායේ සිටිය නොහැකි බව ඉතා හොදින් පැහැදිලි කලේද ගම්මන්පිල ඇමතිවරයා විපක්ෂයේ සිටියදීය,
එනම් LIOC යද තමාට මෙතෙක් මෙය නීතිමය ලෙස පවරා නොමැති බව පිලිගනී. නමුුත් උදය ගම්මන්පිල ඇමතිතුමන් එය පවරා ඇති බව පවසයි,
අර්ජුන රණතුංග ඇමතිවරයා මෙම ටැංකි ඉන්දියාවට පැවරීමට කැබිනට් අනුමැතිය ලබා ගත්තේය. එය ඉන්දියාවට පැවරුවේ 87 නම් නැවත කැබිනට් අනුමැතිය කුමකටද? මේ සම්බන්ධයෙන් 18/318 හා 18/319 ලෙස මූලික අයිතිවාසිකම් පෙත්සම් 02 අධිකරණයේ ක්‍රියාත්මක වන්නේත් ඇමතිවරයා විපක්ෂයේ සිටියදී දුන් සහයෝගය මතය,
අවසාන වශයෙන් අප ප්‍රශ්න කරන්නේ මේවා ඉන්දියා සතු නම් ඔවුන්ට සියල්ල පරිහරණයට බලය ඇත්නම් 87 සිට මේ දක්වා බලය ඉල්ලා ගිවිසුම් යදීද? ඇමතිවරයා ඔවුනට ටැංකි ලබා දීමට වෘත්තීය සමීති වලට යෝජනා ඉදිරිපත් කරයිද? දැනටමත් මෙහි අයිතිය රජය සතුය,
මේ ඔහු ඉදිරිපත් කල පහල අංගනයේ ටැංකි 15 LIOC යටතේත්, ඉහල අංගනයෙන් ටැංකි 24 CPC යටතේ ඉතිරි ටැංකි 61 LIOC/CPC පොදු සමාගමක් ලෙස වසර 50 කට ඉන්දියාවට බලය දීමට ගෙන ආ යොජනාව ක්‍රියාත්මක කිරීමට දරණ කූට උපායක එක් ජවනිකාවක් පමණි. මෙය පිළිකුලෙන් යුතුව හෙළාදකින අතර අප සැවොම එක්ව මෙය පරාජය කරන්නෙමු.
ජනතාවට ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීමට එක්වන ලෙස ආයාචනා කරමු.
ස්තූතියි.
මෙයට,
අශෝක රංවල සභාපති,
ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
