ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී ඇතැයි වාර්තා වේ.
අපේ ජන බල පක්ෂය විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.
නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරමින් කටයුතු කිරීම, නීතිවිරෝධී ලෙස පිරිස් එක්රැස් කිරීම යන චෝදනා යටතේ ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස අපේ ජන බල පක්ෂය පොලීසියෙන් ඉල්ලා සිටී.
ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වන අතර පෙරේදා දිනයේදී ද ගුරුවරුන් රට පුරා විරෝධතා සංවිධානය කර තිබිණි.
LNW
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
