Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

ඉන්දීය යුද හමුදා ප්‍රධානියා ලංකාවේ !

දින පහක නිල සංචාරයක් සඳහාකොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත අද (12) දින උදෑසන ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන (General Manoj Mukund Naravane) පීවීඑස්එම්, ඒවීඑස්එම්, එස්එම්, වීඑස්එම්, ඒඩීසී සහ වීනා නාරාවන මැතිණිය සමග දුත පිරිස සමගින් දිවයින වෙත පැමිණෙන ලදි.

ඉන්දිය යුද්ධ හමුදා ප්‍රධානි සහ එම මැතිණිය ඇතලු දුත පිරිස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සුජීවා නෙල්සන් විසින් මහත් හරසරින් යුතුව එම අවස්ථාවේදි පිලිගත් බවත් වාර්තා වෙයි.