හිටපු නාවික හමුදාපති වසන්ත කකරන්නාගොඩට එරෙහි අධි චෝදනා තවදුරටත් පවත්වාගෙන නොයන බවට නීතිපතිවරයා අද (13) අධිකරණයට දැනුම්දි ඇත.
2008 / 2009 වසරවලදී කොළඹ දී සුදු වෑන් භාවිත කරමින් තරුණයින් ඇතුළු 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු චෝදනා යටතේ කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබේ.
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අභියාචනාධිකරණය හමුවට ගොනු කර තිබූ පෙත්සමක් අද දින සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ආචාර්ය අවන්ති ද පෙරේරා ඒ බව අධිකරණයට දැනුම් දී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
