මේ ආණ්ඩුව දන්න පොහොරක් නෑ - තිස්ස විතාරණ

 මේ ආණ්ඩුව දන්න පොහොරක් නෑ - තිස්ස විතාරණ

වත්මන් ආණ්ඩුව පොහොර ගැන මෙලෝ දෙයක් දන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ සඳහන් කරයි.

විශාල මිලක් වියදම් කරමින් කිසිම ගුණාත්මක බවක් නැති පොහොර මිලදී ගන්නා බව ගන්නා බවද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ලංකා සමසමාජ පක්ෂ ශ්‍රවණාගාරයේදී පැවති විශේෂ සාකච්ඡාවක් අමතමිනි.

දැනට ඉන්දියාවෙන් ආනයනය කරමින් ඇති පොහොර වර්ගයට වඩා ලාභ සහ ගුණාත්මක භාවයෙන් වැඩි පොහොර ස්ලින්ටෙක් ආයතනය විසින් දියුණු කර ඇති බවද ඔහු සඳහන් කළේය.

ශ‍්‍රී ලංකාවට එම පොහොර වර්ගය සාදා විදේශයන්ට අපනයනය කල හැකි බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න