අලුත් කාර්‍ය සාධක බලකාය ගැන ඇහුවාම ඇමතිලා මාරු වෙයි !

අලුත් කාර්‍ය සාධක බලකාය ගැන ඇහුවාම ඇමතිලා මාරු වෙයි !

එක රටක් එක නීතියක්’ ඇතිකිරීම සදහා ජනාධිපතිවරයා විසින් පත් කළ කාර්ය සාධක බළකාය සම්බන්ධයෙන් අමාත්‍යවරුන්ට මාධ්‍යට මුහුණදීමට නොහැකි තත්ත්වයක් පෙන්නුම් කරයි.

අද (27) මාධ්‍යවේදීන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීරගෙන් මෙකී කාර්‍ය සාධක බලකාය සම්බන්ධයෙන් විමසා සිටි නමුත් ඔහු ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා මඟහැර ගොස් ඇත.

‘මමත් ඒක දැක්කේ මැසේජ් එකකින්’ යන්න අමරවීර අමාත්‍යවරයා දැක්වූ එකම ප්‍රතිචාරය විය.

මේ සම්බන්ධයෙන් news 1st පළකල වීඩියෝවක් පහත දැක්වෙයි.

එක රටක් එක නීතියක් ජනාධිපති කාර්‍ය සාධක බලකාය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ විවේචන පලවෙමින් පවති. ඒ අතර දමිළ නියෝජිතයන් නොමැතිවීම සහ කාන්තා නියෝජිතයන් නොමැතිවීම දක්වා තිබේ.

එසේම මෙකී කාර්‍ය සාධක බලකාය ඥානසාර හිමිගේ හිතවතුන් රැසක එකතුවක් බවටත් අදහස් පළවෙමින් ඇත.

පහත දැක්වෙන්නේ එකී ජනාධිපති කාර්‍ය සාධක බලකාය යි.

FB IMG 1635309335234

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න