සිරිල් ගාමිණී පියතුමාව CID කැඳවයි !

සිරිල් ගාමිණී පියතුමාව CID කැඳවයි !

හෙට (28) උදෑසන 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිරිල් ගාමිණි පියතුමාට දන්වා ඇති බව වාර්තා වෙයි.

නිලධාරීන් අද දින (27) මීගමුවට ගොස් අදාළ දැනුම්දීම සිදුකර ඇති බවත් වාර්තා වෙයි.

සිරිල් ගාමිණි පියතුමන් මේ ආකාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත්තේ, පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව ඔහු සහ තවත් පියතුමන්ලා කිහිප නමක් විසින් පසුගියදා සිදුකර ඇති අසත්‍ය චෝදනා තුලින් පොදු මහජනතාව නොමඟ යැවීම පමණක්ම නොව, හිතාමතාම තමාගේ කීර්තිනාමයට හානි කිරීමක් සිදුකර ඇති බව රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කර තිබු පැමිණිල්ලකට අනුව කට උත්තරයක් ලබාගැනීම සඳහාය.

CID යෙන් අධිකරණයට දැනුම් දීමක් !

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉකුත් දා දෙස් විදෙස් ජනතාව දැනුවත් කිරීම සඳහා අන්තර්ජාතික යුක්ති සංසඳය විසින් පැවැත් වූ කරුණු පැහැදිලි කිරීමක දී ඉදිරිපත්වූ අසත්‍ය කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව විමර්ශන ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

එම සිද්ධියට අදාළව රහසිගත වාර්තාවක් ගොනුකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික. සී. රාගල වෙත එම දැනුම්දීම සිදුකළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත්තේ, 'අන්තර්ජාතික යුක්ති සංසඳය' නැමැති සංවිධානය විසින් ඉකුත් 23 වනදා දේශීය සහ අන්තර් ජාතික ප්‍රජාව දැනුවත් කිරීම සඳහා සූම් තාක්ෂණය ඔස්සේ කරුණු පැහැදිලි කිරීමක් සිදුකර ඇති බවය.

එහිදී ඉදිරිපත්වූ අසත්‍ය කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ විසින් පැමිණිල්ලක් සිදුකර ඇති බව ද ඔවුන් දන්වා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න