Language Switcher

V2025

43 සේනාංකයෙන් සේනාපතිට එරෙහිව පැමිණිල්ලක් !

ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති නමින් පෙනීසිටින නිශ්ශංක යාපා ගේ වත්කම් පිළිබද පරික්ෂණයක් කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට තම සංවිධානය කටයුතු කළ බව 43 සේනාංකය පවසයි.

ඊට අනුව 43 සේනාංකය විසින් ඊයේ (27) අල්ලස් කොමිසම වෙත අදාළ පැමිණිල්ල සිදුකර ඇත.

එම අවස්ථාවට 43 සේනාංකය නියෝජනය කරමින් බන්දුල චන්ද්‍රසේකර , නීතීඥවරුන් වන රජික කොඩිතුවක්කු , මුදිත් දිසානායක , ගයාන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

නීතිපති නඩුව ඉල්ලා අස්කරගෙන !

මේ අතර වරායේ නැංගුරම්ලා තිබු එම්.වි. මහනුවර නෞකාවේ තිබි සොයා ගන්නා ලද පාවෙන අවි ගබඩාව සම්බන්ධ නඩු කටයුත්ත අවසන් කිරිමට ගාල්ල අතිරේක මහේස්ත‍්‍රාත් පවිත‍්‍රා සංජිවනි පතිරණ නියෝග කළාය. මහේස්ත‍්‍රාත්වරිය මෙම නඩු කටයුත්ත මෙසේ අවසන් කරනු ලැබුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සමුහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක සුගත් කුමාර විසින් මෝසමක් මගින් කරණ ලද කරුණු දැක්විමෙන් පසුවය.

ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේ මෙහි අපරාධ චෝදනාවක් ගොනු කිරිමට චෝදනා නොමැති බැවින් නඩුව අවසන් කිරිමට නිතිපතිවරයා විසින් උපදෙස් ලබාදි ඇති බවය.