වැලමිටියාවේ කුසලධම්ම නා හිමියෝ අපවත් වෙති

වැලමිටියාවේ කුසලධම්ම නා හිමියෝ අපවත් වෙති

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, මල්වතු මහා විහාර පාර්ශ්වයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, පෑලියගොඩ විද්‍යාලංකාර මහ පරිවේනාධිපති සහ අධ්‍යක්ෂක, ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමියෝ අපවත් වී වදාළහ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ අපවත් වී ඇති අතර අපවත්වන විට  84 වැනි වියෙහි පසුවූහ.

උන්වහන්සේ දිගුකලක් ආගමික හා සමාජයීය සේවාවන්හි නිරතවෙමින් බෞද්ධ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් ඉටු කළේ ය.

මීට අමතරව කුසලධම්ම නාහිමියෝ සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ධුරය ද හොබවනු ලැබූහ.

1937 පෙබරවාරි 20 වැනි දින වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේවමැදි හත්පත්තුවේ දඹදෙණි උඩුකහ උතුරු කෝරළයේ පිහිටි වැලමිටියාව නම් ගම්මානයේ දී පලිහවඩන ආරච්චිලාගේ ටිකිරි බණ්ඩාර නමින් උන්වහන්සේ උපත ලැබූ සේක.

මල්වතු මහා විහාරයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක සහ උපාධ්‍යාය ධූරයන්ගෙන් පිදුම් ලැබූ නා හිමිපාණෝ, බුරුම රජයෙන් අග්ගමහා සද්ධම්ම ජෝතික ධජ ගෞරවනාමයෙන් පිදුම් ලැබූහ.

වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ දේහය අද(28) දහවල් 12 න් පසු මහජන ගෞරවය සඳහා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ තැන්පත් කිරීමට නියමිත අතර ආදාහන පුජෝත්සවය පසුව දැනුම් දෙන බව පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනේ වැඩබලන අධ්‍යක්ෂ පූජ්‍ය වැලමිටියාවේ ඥානරතන හිමි වදාළහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න