සජබ උද්ඝෝෂණයට බාල්දි දාලා : පොලිසියට නඩු ?

සජබ උද්ඝෝෂණයට බාල්දි දාලා : පොලිසියට නඩු ?

අධිකරණ ගණනාවකින් මෙම උද්ඝෝෂණය සදහා පොලිසිය ඉල්ලා සිටි වාරණ නියෝග ප්‍රතික්ෂේප කොට ඇති මොහොතේ පොලිස්පතිවරයාගේ නියෝග අධිකරණ නියෝග පවා අභිබවා යාමක් බව සදහන් කරමින් සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කොට ඇත.

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබංඩාර විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.

සමගි ජන බලවේගය අද (16) කොළඹ දි පැවැත්වීමට සංවිධානය කල විරෝධතාව පිළිබඳව පොලිස්පතිවරයා විසින් පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරු දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරු සහ පොලිස් ස්ථානාධිපතිවරුන් ට යොමු කොට ඇති නියෝග පිළිබඳව සමගි ජන බලවේගයේ දැඩි අවධානය යොමු වි ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ගේ උපදෙස් වලට මුවාවි පොලිස්පතිවරයා නිකුත් කොට ඇති උපදෙස් ආණ්ඩුවේ දේශපාලනික අවශ්‍යතාව මත සිදු කොට ඇති බව පැහැදිලි වේ.

පොලිස්පතිවරයා ගේ නියෝග ජනතාව ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කොට ඇති භාශනයේ සහ රැස්වීම පිළිබඳව වු මුලික අයිතිය බරපතල ලෙස උල්ලංඝනය කිරිමක් බව අවධාරණය කරමු .

මේ වන විට අධිකරණ ගනනාවකින් මෙම උද්ඝෝෂණය සදහා පොලිසිය ඉල්ලා සිටි වාරන නියෝග ප්‍රතික්ෂේප කොට ඇති මොහොතේ පොලිස්පතිවරයා ගේ නියෝග අධිකරණ නියෝග පවා අභිබවා යාමකි.

කොවිඩ් වසංගතය මර්ධනයට නිරෝධයන ඇදිරි නිතිය පනවා තිබියදී පවා පොලිස් කොටිඨාශ මටිටමින් මාර්ග බාධක පැනවිමට උපදෙස් නොදුන් පොලිස්පතිවරයා මෙි මොහොතේ එවනි නියෝගයක් පැනවිම හුදෙක් දේශපාලනික අවශ්‍යතාව මත සිදු කරන්නකි .

එමෙන්ම වාහන වල ගමන් ගන්නා පුද්ගල නාම ලේඛන සැකසිම ජායාරූප ගැනීම ආදි පුද්ගල පෞද්ගලිකත්වය පවා අභියෝගයට ලක්කිරිමට පොලිසියට නියෝග දිම මෙන්ම එකි නියෝග අනුව පියවර ගන්නා නිලධාරින් ට එරෙහිව නිතිමය පියවර ගැනිමට සමගි ජනබලවේගය පියවර ගන්නා බව ද අවධාරණය කරමු.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න