ඉන්දියාවේ ඩොලර් තුනට ඇති නැනෝ නයිට්රජන් පොහොර ශ්‍රී ලංකාවට ඩොලර් 12.5ට ගැනීමේදී යම් අකටයුත්තක් සිදුවී ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා පිළිගෙන ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න පැවසීය.
පාර්ලිමේන්තුවේදී 2022 අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ අදහස් දක්වමින් මන්ත්‍රීවරිය මේ බව සඳහන් කර ඇත.
ඉන්දියාවෙන් හෝ චීනයෙන් පොහොර ගෙන්වීම සඳහා තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැතැයි ද මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බව ද මන්ත්‍රීවරිය පැවසීය.
ඒ අනුව මෙම පොහොර ගෙන්වීම සදහා සම්බන්ධ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාදැයි රටට හෙලිකල යුතු බවත් ඇය පැවසුවාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
