කොවිඩ් ඩෙල්ටා වෛරස් ප්‍රභේදයේ තවත් අනු ප්‍රභේදයක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති අණුක සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර ට්විටර් පණිවිඩයක් තබමින් පවසයි.
එම අනුප්‍රභේදය B.1.617.2.104 ලෙස නම් කර ඇත.
මීට පෙර මෙරටින් හඳුනාගත් ඩෙල්ටා අනු ප්‍රභේදය නම් කර තිබුණේ B.1.617.2.28 ලෙසය.
මේ අතර සෞඛ්‍ය උපදෙස් නොතකා ජනතාව හැසිරීම තුළ යළි කොවිඩ් පොකුරු ඇතිවීමේ අවදානමක් මතුව තිබෙන බවටද සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
