Language Switcher

V2025

ශාක පෝෂක වැඩෙත් අනාගෙනද ? ඇමති සහ අමාත්‍යංශ ලේකම් කතා දෙකක් කියයි !

කිසිසේත් වී සහ එළවළුවලට රසායනික පොහොර ආනයනය නොකරන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කරයි.

Lanka truth වෙබ් වාර්තාව අනුව මීට පෙර කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ සිදුකළ ප්‍රකාශය සමග කිසියම් පරස්පරයක් අමාත්‍යවරයා ගේ ප්‍රකාශයේ සඳහන් වෙයි.

වී සහ එළවළු වගාවන් සඳහා රසායනික පොහොර ගෙන්වීමට ආණ්ඩුව මේ දක්වා කිසිඳු තීරණයක් ගෙන නැතැයි අමාත්‍යවරයා පවසයි.

ශාක පෝෂක රසායනික පොහොරක් ගෙන්වන බවට පළවන තොරතුරුවල කිසිදු සත්‍යතාවයක් නැතැයිද ඔහු සඳහන් කරයි.

ජනතාවගේ සුබ සිද්ධිය තකා ක්‍රියාත්මක කළ කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ වැඩසටහනේ ආපසු හැරවීමක් ගැන මේ වන තෙක් ආණ්ඩුව කිසිඳු ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන නැතැයිද කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

අමාත්‍යංශ ලේකම් වෙන කතාවක් කියයි !

එහෙත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ සඳහන් කරන්නේ නිසි ප්‍රමිතියෙන් යුත් ගුනාත්මක ශාක පෝෂක සහ ශාක ආරක්ෂක මෙරටට ගෙන්වීමට යළි අවසර ලබාදීමට තිරණය කළ බවය. ඒ සඳහා වූ කෘෂි සිතියමක්ද සකස් කර ජනාධිපතිවරයා වෙත බාර දුන් බවද ඔහු පවසයි.

කෙසේ වුවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිං සඳහන් කරයි.

නිසි ප්‍රමිතියෙන් යුත් ගුණාත්මක ශාක පෝෂක බෝග වගාවන් සඳහා ආනයනයට අවසර ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිං සඳහන් කරයි.

කෘෂි විද්‍යාඥයින් සහ පරිපාලන නිලධාරීන් 11 දෙනෙක් විසින් එක්ව කෘෂිකර්මාන්තයේ පවතින තත්ත්වය පිළිබදව සකස්කර ජනාධිපතිවරයාට යොමු කළ කෘෂිකර්මාන්ත මාර්ගගත සැලැස්මට අනුව මෙම අවසරය හිමිව තිබෙන බවත් අමාත්‍යංශ ලේකම්වරයා පවසයි.

“එය සංකල්ප පත්‍රිකාවක්. එහිදී අපි කෘෂි සිතියමක් පවා හැදුවා ආහාර සුරක්ෂිතතාවය පිළිබදව විශේෂ අවධානයක් පවා යොමු කලා“ යැයිද ලේකම්වරයා පැවැසීය.

ඒ අනුව, තේ, පොල්, රබර්, එළවළු , වී ගොවිතැන, පළතුරු සහ මල් වගාවන්ට අවශ්‍ය ගුණාත්මක බවින් ඉහළ නිර්දේශිත සියළුම පොහොර වර්ග ගොවි බිම් වෙත නිකුත් කිරිමට මේ වන විටත්, අවශ්‍ය පසුබිම් සකස් කරමින් සිටින බවද කෘෂිකර්ම ලේකම්වරයා සදහන් කළේය.

කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ගේ ප්‍රකාශය ඇතුළත් newstube.lk පුවතේ සබැඳිය පහත දැක්වෙයි.