අයවැය දෙවැනි වර උඩින් සම්මතයි : විදුර සහ විජේදාස කෝ ? ආණ්ඩුව හොයයි !

අයවැය දෙවැනි වර  උඩින් සම්මතයි : විදුර සහ විජේදාස කෝ ? ආණ්ඩුව හොයයි !

අයවැය දෙවන වර කියවීමේ ජන්ද විමසුමේ දී ආණ්ඩුවට පක්ෂව ජන්ද 153ක් හිමි ඇති අතර ඒ අනුව 2022 අයවැය දෙවැනි වර කියවීම 2/3 න් අද (22) සවස සම්මත වී ඇත.

අයවැය ට විපක්ෂව හිමිවූයේ ජන්ද 60ක් පමණි.

කෙසේවෙතත් ආණ්ඩුවේ මන්ත්‍රීවරූන් 6 දෙනකු අද ජන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටියේනැත.

විජයදාස රාජපක්ෂ, විදුර වික්‍රමනායක, ගාමිණී ලොකුගේ, ටිරාන් අලස්, තවුෆීක් සහ සමන්ප්‍රිය හේරත් යන මන්ත්‍රීවරු ජන්දය විමසන අවස්ථාවේ සභාගැබේ නොසිටි බව වාර්තා වෙයි.

අයවැය දෙවන වර කියවීමේ ජන්ද විමසුමේදී සභාවේ නොසිටි ආණ්ඩුවේ මැතිඇමැතිවරුන් 6 දෙනාගෙන් තිදෙනකු කල් තියා තමන්ට එම අවස්ථාවට සහභාගී විය නොහැකි බව දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ගාමිණී ලොකුගේ, සමන්ප්‍රිය හේරත් සහ ටිරාන් අලස් යන මැතිඇමැතිවරුන් විවිධ හේතු මත තමන්‌ට එදින පාර්ලිමේන්තුවට‌ පැමිණීමට නොහැකි බව කල් තියා දැනුම් දී ඇති බව වාර්තා වේ.

විදුර සහ විජේදාස කෝ : ආණ්ඩුව හොයයි !

කෙසේවෙතත් වාර්තා වන ආකාරයට රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක ජන්දය විමසන අවස්ථාවට මොහොතකට පෙර දැනුම් දී ඇත්තේ තමන් බීඑම්අයිසීඑච් අසල රථවාහන තදබදයට හසුව ඇති බවත්, තව සුලු මොහොතකින් පාර්ලිමේන්තුවට පැමිණෙන බවත්ය.

එහෙත් ඔහු ජන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තු සභා ගර්භයේ නොසිටි බවත් ජන්ද විමසීමෙන් පසුව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ සිට ඇති බවත් වාර්තා වෙයි.

පසුගියදා අයවැය මෙන්ම සමස්ත ආණ්ඩුවේ ක්‍රියාමාර්ග දැඩිව විවේචනය කළ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා තමන් විකල්පයක් නැති බැවින් අයවැය ට පක්ෂව ජන්දය දෙන බව සඳහන් කළත් අද නොදන්නවා පැමිණ නොසිටි බව වාර්තා වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.