Language Switcher

V2025

පොහොර සහනාධාරය අහිමි කළ : ශාක පෝෂක කතා වස්තුව !

2019 ඔක්තෝබර් 25

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී.

මෙරට කෘෂිකර්මාන්තය වසර 10 කින් මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කළ යුතු බව “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සඳහන් ය.

2021-අප්‍රේල් 28

රසායනික පොහොර, කෘමිනාශක හා වල් නාශක මෙරටට ගෙන්වීම හා භාවිතය තහනම් කිරීමට අදාළ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට.

යෝජනාව ඉදිරිපත් කළේ, ජනාධිපතිවරයා විසිනි.

”2021-2022 මහ කන්නය මුළුමනින්ම රසායනික පොහොර හා කෘමිනාශක භාවිතයෙන් තොරව වගා කිරීමටත් පියවර ගත යුතු බවත් ගරු ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට යෝජනා කරලා තියෙනවා”

– කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල‍-

යෝජනාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට කමිටු 2 ක්.

එක් කමිටුවක් වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති වත්මන් කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ජ්‍යේෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

අනෙක් කමිටුව පත්කර ඇත්තේ එවකට කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන්.

රසායනික පොහොර තහනමෙක් කෘෂිකර්මාන්තයට බරපතල බලපෑමක් සිදුවන බවට රජයේ ලියාපදිංචි කෘෂි ව්‍යවසායක ජාතික එකමුතුව මෙන්ම ගොවීන්ද පෙන්වා දෙයි…

ගොවීන් විරෝධයේ

2021_අප්‍ර්ල්_29

ගත් පියවර ආපස්සට නොගෙන රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ අභියෝගය භාර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

2021 මැයි 09

තෝරාගත් කෘෂි රසායනික ද්‍රව්‍ය කිහිපයක් පමණක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට අවසර ලබා දෙමින් ගැසට් පත්‍රයක්.

2021 මැයි 11

රසායනික පොහොර, කෘමි නාශක හා වල් නාශක වෙනුවට කාබනික පොහොර භාවිත කරමින් ස්වභාවික ගොවිතැනට පරිවර්තනයවීම සදහා මාර්ග සිතියමක් සහ කඩිනම් වැඩ පිළිවෙලක් සකස් කිරීමට ජනාධිපති කාර්යය සාධක බලකායක් බැසිල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් පත්කෙරේ.

සංචරණ සීමා මැද දිවයිනේ ප්‍රදේශ රැක ගොවීන් පොහොර ගැටලුව විසන්නැයි ඉල්ලා විරෝධයේ…

2021 අගෝස්තු 03

රසායනික පොහොර ගෙන්වීම තහනම් කිරීමේ තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවට මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර් ආටිගල ගෙන් ප්‍රකාශයක්.

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය දියර නයිට්‍රජන් යම් ප්‍රමාණයක් රටට අවශ්‍ය බැවින් ඒවා බලපත්‍ර මත ගෙන්වීමට පමණක් මුදල් අමාත්‍යාංශය අනුමැතිය ලබාදී ඇති බවත් කියයි.

2021 අගෝස්තු 04

දේශීය කෘෂිකර්මය සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට කිසිදු අවසරයක් ලබාදී නැතැයි අවධාරණය කරමින් ජනාධිපති මාධ්‍ය අංශයෙන්නිවේදනයක්.

කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් 2021 මැයි මස 31 දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කල ස්වභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක යොදා ගනිමින් සැකසූ ශාඛ පෝෂක ආනයනය කිරීමේ යෝජනාවට අනුව විශේෂිත වූ පොහොර ආනයනය සඳහා පමණක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා අදාළ අනෙකුත් ආයතන හරහා විශේෂ වූ බලපත්‍ර ක්‍රමවේදයක් යටතේ අවසර ලබා දී ඇතැයිද ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරයි.

දිවයිනේ ප්‍රදේශ රැක ගොවීන් පොහොර ගැටළුවට විසන්නැයි ඉල්ලා විරෝධයේ…

2021 අගෝස්තු 5

නිකුත් වූ අමාත්‍ය මණ්ඩල සංදේශයකින්, මුහුදු පැළෑටිවලින් නිපදවන කාබනික පොහොර මෙට්‍රික් ටොන් 99 000ක් ‘චින්ඩාඕ සීවින් බයෝ ටෙක් ගෘප්’ නම් චීන සමාගමකින් ගෙන්වීමට තීරණය කෙරේ.. ඒ සඳහා රජය විසින් අනුමත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 63.6ක්.

2021 අගෝස්තු මස 31

මෙම පොහොර සාම්පල දෙකක් ජාතික පොහොර ලේකම් කාර්යාලයය මඟින් ජාතික ශාක නිරෝධායන සේවයට ලබා දීමෙන් අනතුරුව සිදුකෙරුනු පර්යේෂණවලින් පෙන්නුම්කර තිබුණේ, මෙයින් එක් සාම්පලයක “Erwinia” සහ “Bacillus” යන ගණයන්ගේ ක්ෂුද්‍රජීවීන් බහුලව සිටිනබවත්, අනෙක් සාම්පලයේ “Bacillus” ගණයට අයත් බැක්ටීරියාවන් සිටිනබවයි.

පොහොර ඉල්ලන ගොවි විරෝධතා උග්‍රවෙයි…

2021 සැප් 22

එක්සත් ජාතින්ගේ ආහාර පද්ධති සමුළුවට. ඔන් ලයින් ක්‍රමවේදයට අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක තහනම් කරමින් කාබනික කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාව ගන්නා වෑයම ලෝකය හමුවේ තැබුවා

”ජනතාවගේ සෞඛ්‍යයට වගේම පරිසරයට අයහපත් බලපෑම් කරන රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක තහනම් කරන්න මගේ රජය මෑතකදී පියවර ගත්තේ තිරසර සංවර්ධනය සඳහා වන රාජ්‍ය ප්‍රතිපත්තිය මුල් කොටගෙන”

මහකන්නයට පොහොර දෙන්න…

දිවයිනේ ප්‍රදේශ රැක ගොවීන් විරෝධයේ…

ඔත්තෝබර් 13 වැනි දා

මහ කන්නය සඳහා අවශ්‍ය පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් ශ්‍රී ලංකාවට ආනයනය කරයි.

2021 නොවැම්බර් 02

සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍ය බව ,, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ස්කොට්ලන්තයේ, ග්ලාස්ගෝහි කොප් 26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේදී ප්‍රකාශ කරයි.

”පොහොරවල අධික ලෙස නයිට්‍රජන් අඩංගු වීම පසට , ජලයට , වාතයට සහ මිනිස් සෞඛ්‍යයට ඉතා අහිතකරයි. රසායනික පොහොර ආනයනය අවම කිරීමටත් කාබනික පොහොර භාවිතය දිරිමත් කිරිමටත් අප රජය පියවර ගත්තේ මෙවැනි පසුබිමකයි”.

2021 නොවැම්බර් 04

පොහොර අවශ්‍යතා සපුරා ගැනීමට බව කියමින් ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් පොහොර ගුවන් මගින් මෙරටට ගෙන එයි.

ආනයනයේදී බරපතල දූෂණයක් සිදුවූ බවටත් ප්‍රකාශයක්

ඊයේ (2021-11-21)

තහනම් කරන ලද ද්‍රව්‍ය ඇතූළු ප්‍රමිතියෙන් යුතු ශාක පෝෂක යළි ගෙන්වීමට අවසරදී ඇති බව කෘෂි කර්ම අමාත්‍යංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා අණාවරණය කරයි.

හරිත කෘෂිකර්මය එක රැයින් ඇතිකළ හැක්කක් නොවන බවත් ආන්දෝලනයට තුඩු දුන් යූරියාද, මිල ඉහල බැවින් ඒ වෙනුවට විකල්ප ද්‍රව්‍යයක් ගෙන ඒමට ඇති හැකියාව පිලිබදවද සොයා බලන බව අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ප්‍රකාශයක්…

අද (2021-11-22)

හරිත කෘෂි කර්මාන්තය තවදුරටත් රජයේ ප්‍රතිපත්තිය බවත්, එළවළු, බඩ ඉරිඟු, ධාන්‍ය වර්ග වැනි වගා සඳහා අවශ්‍යතාව මත කෘෂි රසායන පෞද්ගලික අංශය හරහා ගෙන්වීමට අවධානය යොමු කරන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් නිලධාරීන්ට උපදෙස්.

රසායනික පොහොර හෝ කෘෂි රසායන රජයේ සහනාධාර වැඩපිළි‍වෙළ යටතේ කිසිවිටෙකත් ලබානොදෙන බවටත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කරයි…

news 1st