IMF නොගියොත් ඩොලරය 300 පණියි : රනිල් අනතුරු අඟවයි !

IMF නොගියොත් ඩොලරය 300 පණියි : රනිල් අනතුරු අඟවයි !

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සමග එකඟතාවයට පැමිණීම හැර වෙනත් විකල්ප නැති බව, හිටපු අග්‍රාමාත්‍ය , එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

හිටපු අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලද්දේ එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රධානීන් සමග අන්තර්ජාලය ඔස්සේ පැවති සාකච්ඡාවකදී ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවකට පැමිණියහොත් අනෙකුත් ජාත්‍යන්තර මුල්‍ය ආයතන වෙතින් ද ණය පහසුකම් ලබා ගැනීමට හැකිවනු ඇතැයිද එහිදී ඔහු පැවසීය.

ජාත්‍යයන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීම සෙසු මූල්‍ය ආයතනවලින් ණය ලබා ගැනීමට සහතිකයක් වනු ඇති බවද ඔහු පෙන්වා දෙයි.

එළැඹෙන වසර මැද භාගය වන විට ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 6 ක පමණ ණය මුදලක් ගෙවීමට ඇති නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාම හැර වෙනත් විකල්පයක් ශ්‍රී ලංකාවට නැතැයි ද ඔහු කියා සිටියි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවකට පැමිණියහොත් ඇමරිකානු ඩොලරයක් රුපියල් 240 සීමාවේ පමණ තබා ගත හැකි වනු ඇති බවත් එසේ නො කළහොත් ඩොලරය රුපියල් 300 පමණ ඉක්මවනු ඇති බවත් ඔහු තව දුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න