මේ වන විට වෙළෙඳපොළෙහි කිලෝග්‍රෑම් 12.5 වර්ගයේ හිස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 15,000 ඉක්මවා ඇති බව වාර්තා වේ.
වැඩි වශයෙන් අන්තර්ජාලය ඔස්සේ මෙලෙස හිස් ගෑස් සිලින්ඩර විකිණීමට දමා ඇති අයුරු දැකගැනීමට හැකි අතර ඒවාවල මිල ගණන් සටහන් වන්නේ කිලෝග්‍රෑම් 12.5 හිස් සිලින්ඩරයක් රුපියල් 16,500 ක්ද, කිලෝග්‍රෑම් 5ක හිස් සිලින්ඩරයක් රුපියල් 10,000 ක්ද කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක් රුපියල් 6500ක්ද ලෙසය.
වෙළෙඳපොළෙහි එක්තරා සමාගමක ගෑස් හිඟ තත්ත්වය පවතිද්දී අනෙක් සමාගම විසින් අවශ්‍ය ගෑස් නිකුත් කිරීම හේතුවෙන් එම සමාගමට අයත් හිස් සිලින්ඩරවල මිල මෙලෙස ඉහළ ගොස් ඇති බව ගෑස් විකුණුම් මධ්‍යස්ථානවල හිමිකරුවෝ සඳහන් කරති.
-Deshaya
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
