Language Switcher

V2025

අනුරට රට ගැන : ජවිපෙ හිටපු ප්‍රබලයකුගේ සටහනක් !

අනුරට රට

Political campaign

Commercial campaign

ගොඩකට මම

slogan හදල තියනවා.

ඒක මගෙ job එක වගේම විනෝදාංශය . හැබැයි මේ slogan එක යෝජනා කරන්නෙ Challenge එකකට අනුරට නෙමේ JVP එකට.

අනුර

අනුර කියන්නෙ ජවිපෙ සිටියදීත් මම එතරම් ප්‍රියකල කෙනෙක් නෙමේ. ටිල්වින් තරම් හොද සංවිධායකයෙක් (CEO) විදිහට දැනිල නෑ.

ඕපාත තරම් හෘදයාන්ගම කමක් දැනිල නෑ.

ලාල් තරම් නිදහස් කමක් දැනිල නෑ.

අඩු තරමින් විමල් තරම් නිර්මානශීලී කමක් දැනිලත් නෑ.

( විමල්ගෙ මතවාදයට න්‍යායාත්මකව මෙන්ම , සාකෑස්ටික් විදිහටත් පහර දුන් සර්යා වැනි බොහෝ ලිපිවල පසුපස සිටියේ මා බැවින් ඔහු අදටද මා සමග පුද්ගලිකවම උරනය. ඔහුගේ මතවාදය පිලිබද මගේ පිලිකුලද අදටත් එසේමය. එහෙත් ඔහු ජවිපෙට සිටි නිර්මානශීලීම ප්‍රචාරක ලේකම් වරයාය)

මා දැක ඇති අනුර සංවිධාන අරගල තුළ නිහඩය. අවස්ථාව එනතෙක් ඕනෑ තරම් කාලයක් ගැනීමට තරම් ඔහු ඉවසිලිවන්තය.

හොදින් නිරීක්ෂණය කර ප්‍රතිවිරෝධතා කලමනාකරනය කර තම ඉලක්ක ජය ගනී. එහිදී ඔහු හොද chess ක්‍රීඩකයෙකි.

මෙය තක්කඩිකමක් ලෙස අවංක වාමාංශිකයෙක් පැවසිය හැක. එහෙත් එජාපය තුල රනිල්ගේ නිහඩබව, ඉවසීම සහ පහරදීම පරිනත කමක් ලෙසත්, මංගලගේ ප්‍රතිවිරෝධතා කලමනාකරනය උපායමාර්ග ප්‍රවීනත්වයක් ලෙසත් දකින මට අනුරගේ එම ක්‍රියාකලාපය තක්කඩිකමක් ලෙස හැදින්විය නොහැක. දේශපාලනය යනු අහිංසකයනගේ සහ අවංකයන්ගේ ජය භූමියක් නොවේ.

අනුරට ජෙප්පන් ගෙන් එලියේ ලෝකය කලමනාකරනය කිරීමේ හැකියාව ඇත. ඔහු සිරස , රෙනෝ මෙන්ම දිලිත්ව වුව කලමනාකරනය කරයි. අවශ්‍ය නම් නිශ්ශංක සේනාධිපති වුවද ඔහුට මැජික් එකක් නොවේ. මේ වැඩේ කරන්නට ගොස් විමල් ඔවුන්ට කලමනාකරනය විය. එසේ කලමනාකරනය වීමට බියෙන් කිසිවක් නොකර සිටීමෙන් පතිවත ගැන උදම් ඇනිය හැකිමුත් දරුපල ලැබිය නොහැක. අනුරට විරුද්ධව මා ගැසූ පලමු ගල් පහර අනුර සිරසට කලමනාකරනය වන බවටය.

එහෙත් තවමත් අනුර සිරස කලමනාකරනය කරගනිමින් සිටී.

ගෙවීම් නැති ඉපයීම් නැත .

දැන් අනුරට ඇති අභියෝගය ඉදිරියේදී රට බාර ගැනීමට දත කට මැදගෙන සිටින අය අතර එක වීම ය.

පක්ශය තුල මැච් එක ගැසූසේ ම නිහඩව , ඉවසිලිවන්තව, නැමෙන තැන නැමී , අතහරින තැන අතහැර ඒ ගමන යාමට අනුර සූදානම් බව පෙනේ. එහෙත් ජවිපෙ එයට සූදානම් බව නොපෙනේ.

සිරි අය්යා සිටියදී අනුර නායකත්වය ගැන කතාකලේ නැත. කුමාර ව ඔහු හැදින්වූයේ අහස තරම් පුලුල් මිනිසෙකු ලෙසිනි, කිසිදින ඔහු දෙවෙනි කලේ නැත, ටිල්වින් අදටත් ඔහුට සුසිල් අය්යා ය , එහෙත් නොදැනීම. ඔහු නායකයාවී ඇත. මේ ගමන ම ඔහු රට තුලත් යායුතුය.

සජිත්, රනිල්, කරූ චම්පික, සිරිසේන පොලවෙන් මෙන්ම අහසෙන්ද මතුවිය හැකි මිනිසුන් ඔහු අභිබැවිය යුතුය.

එය කල හැක්කේ කෙසේදැයි ඔහු දනී. එහෙත් ජවිපෙ වෙනුවෙන් පෙනීසිටින බොහෝ කලබල කරුවන් නොදනී. චම්පිකට වඩා අනුර academic යැයි පෙන්වන්නටත්, අනුර දැන් එකයයි සමීක්ෂණ වාර්තා දාන්නටත් යන්නේ එබැවිනි.

ජවිපෙ සාමාජිකයන් අනුර විජේවීර කෙනෙක්, චේ කෙනෙක් කරන්නට හෝ දියසෙන් කුමාරයෙක් කරන්නට නොගොස් අනුරගේ පාරේ යාමට ඉවසිලිවන්ත විය යුතුය.

අනුර කරන දේ මදි යැයි සිතෙන විට, සැක සහිත යැයි සිතෙන විට විජේවීර ගේ ලෙනින්ගේ ලිපි වෙනුවට "48 laws of power" කියවන්න.

සතුරන්වන අපට කල හැකි උදව්ව,

  • මේ පාර අනුර එනව අපිත් අනුරට යැයි කියනවා වෙනුවට තවත් අනුරට විරුද්ධවීමය . අවසන්වශයෙන් ඉතිහාසය විසින් නිර්මානයකල සියලු දේශපාලන අර්භුදයන් ජය ගෙන ඇත්තේ අවංක , අහිංසක , සත්‍යවාදී මිනිසුන් නොව ( එවැන්නන් ඇත්තේද ප්‍රබන්ධ කතා තුලය )

මේ නිමේශය රනිල් මෙන් ඉවසිලිවන්ත මංගලමෙන් උපක්‍රමික මහින්ද මෙන් ජන්ප්‍රිය විය හැකි අයෙකුගේ මිස ට්‍රොස්කි මෙන් න්‍යායික චේ මෙන් කැපවුන ප්‍රභාකරන් මෙන් අවංක අයෙකුගේ නොවේ .

වරුණ දීප්ත රාජපක්ෂ ගේ ෆේස්බුක් ගිණුමෙනි