ගෑස් ආශ‍්‍රිත ගිනි ගැනිම් සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුත්තේ ගෑස් ලිප සම්බන්ධයෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරයි.
ගෑස් පුපරන බවට හැමතැනම වැරදි කතාවක් යන බවත් කිසිම තැනක ගෑස් පිපිරීමක් සිදු වනු නැති බවත් පුපුරා ඇත්තේ ගෑස් ලිප බවත් මන්ත්‍රීවරයා පවසයි.
ඉතාමත්ම පැහැදිලිව ප්‍රශ්නය ඇත්තේ ගෑස් ලිප සම්බන්දව බවක් ලිප ගැන පරීක්ෂණ ආරම්භ කළ යුතු බවත් ඔහු සඳහන් කළ අතර තමන් මෙසේ පවසන්නේ පසුගිය සමයේ විවිධ පාර්ශ්ව සිදුකළ ප්‍රකාශ දෙස අවධානයෙන් සිට බවත් පැවසීය.
මෙම තත්වය බඩේ කැක්කුම තියෙද්දී කකුල් කැක්කුමක් ගැන කතා කරනවා වැනි තත්ත්වයක් බවද ඔහු සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කර සිටියේ තැන තැන ගෑස් ගිනි ඇවිලීම් සම්බන්ධයෙන් මාධ්‍ය මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින්ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
