Language Switcher

Ad

Ad 01

V2025

යුගදනවිය ගිවිසුම ප්‍රසිද්ධ කරන්න වෙන්නේ 2023 නොවැම්බර් : හේතුව මෙන්න !

යුගදනවි විදුලි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට විකිණීම සම්බන්ධයෙන් වූ ගිවිසුමේ අන්තර්ගතය ගිවිසුම් ගතවූ දින සිට වසර දෙකක් යනතුරු හෙළි නොකිරීමට දෙපාර්ශ්වය විසින් එකඟ වී ඇති බව වාර්තා වෙයි.

අදාළ ගිවිසුමේ වගන්තියක මේ බව දන්වා ඇති අතර ඒ අනුව ගිවිසුම අත්සන් කළ දිනය වූ 2021/09/17 දා දිනයේ සිට 2023/09/17 දා දක්වා ගිවිසුමේ අන්තර්ගතය දෙපාර්ශ්වය විසින් හෙළි නොකරනු ඇතැයි වාර්තා වෙයි.

ගිවිසුමේ අන්තර්ගතය හෝ ගිවිසුම පාර්ලිමේන්තුවට සභාගත කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරු ඉල්ලා සිටි අවස්ථාවේදී විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මසක් ඇතුළත ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස දන්වා සිටියද මෙතෙක් එම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැත.