Language Switcher

Ad

Ad 01

V2025

මේ වසර තවත් දරුණු වෙයි : ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම අනාවරණයක් !

ආණ්ඩුව මේ යන ආකාරයට කටයුතු කළහොත් මෙම වසරේ දී රට තවත් දරුණු අර්බුදයට මුහුණ පානු ඇතැයි ලංකා ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් තිස්ස විතාරණ සඳහන් කරයි.

ගතවන කාලය ලෝකයටම අමාරු ආර්ථික අර්බුද සහිත කාලයක් බවත් මෙම තත්වයත් සමග ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයන් ඇති රටවලට දරා ගැනීමට නොහැකි තත්වයක් ඇතිව තිබෙන බවත් ඔහු පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

අද වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතාමත් දරුණු තත්ත්වයක පවතින බව ද පැවසූ ඔහු එම තත්ත්වය සමනය කිරීමට සඳහා තම පක්ෂය ඇතුළු පක්ෂ දහයක් විසින් ගෙන ආ යෝජනා ආණ්ඩුව විසින් සැලකිල්ලට ලක් නොකළ බව එහිදී ඔහු වැඩිදුරටත් පැවසීය.