සුදත් පවා රනිල් හැර යයි

සුදත් පවා රනිල් හැර යයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික සහකාර සහ එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බලකායේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සුදත් චන්ද්‍රසේකර එම තනතුරු දෙකෙන්ම ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.

එජාප ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික සහකාර ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක වෙත සහ එජාප සන්නිවේදන බලකායේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අග්‍රාමාත්‍යවරයා වෙත බාරදීමට සුදත් මහතා කටයුතු කර ඇත.

එහෙත් අග්‍රාමාත්‍යවරයා වෙත බාරදුන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරගැනීම අග්‍රාමාත්‍යවරයා ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වෙයි.

කෙසේ වුවත් වැඩි දුරටත් වාර්තා වන්නේ තමාට පසුගිය වසර 3ක කාලය තුල සන්නිවේදන අංශය ශක්තිමත් කිරීමට දරන ලද ප්‍රයත්නයේදී දැඩි බාධා පැමිණි බවත් අවම වශයෙන් පක්ෂ නායකයාට එරෙහිව මතුවූ පක්ෂ නායක කැරැල්ලේදී ඔහු වෙනුවෙන් දිවි හිමියෙන් කැපවූ කුරුඳු පොලු සාමාජිකයන්ටවත් දෙයක් කිරීමට නොහැකිවීමේ සන්තෝෂය මත ඉල්ලා අස්වීමට තීරණය කල බව සුදත් මහතාගේ ලිපියේ සඳහන් බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න