Language Switcher

V2025

විශ්වාස භංගය හරහා ජවිපෙ කොටු කිරීමේ සුදානමක් !

විශ්වාස භංගයේ ජය පැරදුම කෙසේවෙතත් ඒ හරහා ශ්‍රීලනිපය, ජවිපෙ හා දෙමල සන්ධානය දේශපාලනික අවුලකට යැවීමත් ඒ හරහා එම පක්ෂවල සැබෑ ස්වරුපය ජනතාවට හෙළිදරව් කිරීමත් ඒකාබද්ධ විපක්ෂයේ මුලික අරමුණ බව එහි ප්‍රධානියකු 'නිව්ස් ටියුබ්' වෙත පැවසිය.

මෙම විශ්වාස භංග යෝජනාවෙන් එජාපය පමණක් නොව ශ්‍රීලනිපය, ජවිපෙ හා දෙමල සන්ධානය ද බරපතල දේශපාලන අර්බුදයකට ගොස් ඇති බවත් එය ඒකාබද්ධ විපක්ෂය ලැබූ ජයග්‍රණයක් බවත් ඔහු කියා සිටියේය.

මෙම විශ්වාස භංගයේදී ජවිපෙ අගමැති රනිල්ට බේරාගැනීමට කටයුතු කළහොත් ජවිපෙ ආණ්ඩුවේ කොටස්කාරයකු ලෙස ජනතාව තුල තහවුරු කල හැකියැයි ඔහු අවධාරණය කර සිටියේය.

ජවිපෙ හා ඒකාබද්ධය අතර රහස් ගනුදෙනුවක් !

කෙසේවුවද එජාප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු 'නිව්ස් ටියුබ්' වෙත පැවසුයේ, ජනතා විමුක්ති පෙරමුණ හා ඒකාබද්ධ නායකයින් අතර රහස් ගනුදෙනුවක් ඇද්දැයි ජනතාව තුල මතුව ඇති බවයි.

විශ්වාස භංගයට සහය පලකරන බවට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කර ඇති ප්‍රකාශය එම සැකයට හේතුවී ඇතැයි පැවසු එම අමාත්‍යවරයා, කෙසේවෙතත් ජනතා විමුක්ති පෙරමුණ හා රාජපක්ෂවරුන් අතර රහසිගතව හෝ සන්ධානයක් ඇතැයි පලවන වාර්තා කිසිඳු ලෙසකින් පිළිගත නොහැකිවබව අවධාරණය කර සිටියේය.

මේ සම්බන්ධයෙන් 'නිව්ස් ටියුබ්' කල විමසීමකදී ජවිපෙට හිතවත් සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු පැවසුයේ, ජනතා විමුක්ති පෙරමුණ කිසිඳු විටෙක එජාපයේ හෝ රාජපක්ෂවරුන්ගේ හෝ වෙනත් කිසිඳු බලවේගයක 'බළල් අතක්' නොවනු ඇති බවයි.

විශ්වාස භංගයේදී දෙපාර්ශයෙන් කිසිඳු පාර්ශවයකට සහය පලකිරීමට නොහැකිබවත් දෙපාර්ශවයටම එරෙහිව බරපතල චෝදනා තිබෙන බවත් ඔහු අවධාරණය කළේය.

 bimal r 1000px'' මහින්දගේ බලාපොරොත්තුව ඔහුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහි නඩුහබ යටපත් කර දැමීම" - බිමල් රත්නායක

 මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ විග්‍රහ කර ඇත්තේ, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ තවත් දේශපාලන සූදුවක් ලෙසය.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට සහභාගී වෙමින්, ඉදිරිපත් කරනු ලැබ ඇති විශ්වාසභංග යෝජනාව මගින් හිටපු ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙන්නේ "රජය පෙරළා දැමීමට නොව ඔහුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහි නඩුහබ යටපත් කර දැමීම" යයි කියා සිටියේය.

"මහින්ද රාජපක්ෂ මහත්මයා දේශපාලනයේ හැමවිටම සූදු තමයි කරන්නේ. එතුමාගේ කණ්ඩායම රවි කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙනාවා. ඒත් එතුමා ඊට අත්සන් කළේ නැහැ .ඡන්දය දුන්නෙත් නැහැ. ජවිපෙ අපි එදා ඒ යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නා." පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම යෝජනාවට අත්සන් නොකළා පමණක් නොව එමගින් ආණ්ඩුව පෙරළා දමා අගමැති පදවිය භාර ගැනීමට සූදානම් නැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

"මොකක්ද එහෙනම් මෙතැන තියෙන අරමුණ? අරමුණ තමයි ආණ්ඩුව සොලවා දැමීම. ආණ්ඩුව බයට පත් කරලා, එමගින් රාජ්‍ය සහ පොලිස් නිලධාරීන්ට පණිවුඩයක් දෙනවා - තමන්ට එල්ල වී ඇති නඩුහබ ටික නතර කර ගැනීමට.ඒ අතරම ආණ්ඩුව තවත් පිරිහීමට පත් කරමින් තමාට වඩාත් සුදුසු මොහොතක ආණ්ඩු බලය අල්ලා ගැනීම තමයි එතුමාගේ උපක්‍රමය වී තිබෙන්නේ" ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසයි.

 'අපි අත්සන් කලානම් යෝජනාව හබක්' :

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති විශ්වාසභංග යෝජනා කෙටුම්පත කිසිවිටක සිය පක්ෂයට ඉදිරිපත් නොකළ බවත් ඔහු කියා සිටියේය.

"එම කෙටුම්පත ජවිපෙටත් ඉදිරිපත් කළානම් ආණ්ඩුවට එරෙහි අපේ අදහස් ද ඊට එක් කරනවා.මොකද මේ සිරිසේන - රනිල් ආණ්ඩුව 2015 ජනවාරි 08 මහජන විශ්වාසය සහමුළින්ම භංග කරපු ආණ්ඩුවක්. හැබැයි! අපේ අදහස් එක් කළා නම් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ බොහෝ දෙනකුටත් ඊට අත්සන් කරන්න බැරි වෙනවා" පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.