ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය හා ගුරු සේවය සංවෘත සේවාවන් 03 ක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.
ඒ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරාගේ අත්සනින් යුතුවයි.
2021 අගෝස්තු මස 30 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සේවාවන් සංවෘත සේවාවන් ලෙස ක්‍රියාත්මක බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් ය.
උසස් කිරීම්, පත් කිරීම්, විනය, ස්ථාන මාරු හා අනෙකුත් ආයතන කටයුතු සම්බන්ධයෙන් වන බලතල හා විධිවිධාන ඒ ඒ සේවා සඳහා දැනට ක්‍රියාත්මක අයුරින්ම ඉදිරියටත් බල පැවැත්වෙන බව අදාළ ගැසට් නිවේදනයේ දක්වා ඇත.
එක් එක් සේවාවට අනන්‍ය වූ විශේෂිත වැටුප් ව්‍යුහයන් පිළිබඳ අදාළ බළධාරීන් විමසා සුදුසු පරිදි සංශෝධනය කර ගත යුතු වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
