කාබනික ජවුසම් නිසා : අල අස්සේ රතු අල පටවලා !

කාබනික ජවුසම් නිසා : අල අස්සේ රතු අල පටවලා !

එක කන්නයෙන් රටේ කෘෂිකර්මාන්තය කාබනික කිරීමට යාමේ ආදීනව මේ වන විට දසතින් මතුවෙමින් ඇත.

ඊට අදාළ තවත් පුවතක් වන්නේ අර්තාපල් අතර සගවා පාකිස්තානයේ සිට නීති විරෝධීව මෙරටට රතු අල ගෙන්වීමට ගෙන තිබීමය.

මෙසේ නීති විරෝධී ලෙස ගෙනා රතු අල කිලෝ ග්‍රෑම් 16,000ක් බහලුම් දෙකක් පරීක්ෂා කිරීමේදී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන ඇත. රේගුවේ මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ අංශයට අනුයුක්ත ග්‍රේ ලයින් 2 බහාලුම් පරීක්ෂණ අංගනයේ රේගු නිලධාරීන් විසින් මෙම බහලුම් දෙක අද (28) පරීක්ෂාවට ලක් කර ඇත.

වත්තල ප්‍රදේශයේ පිහිටි සමාගමක් විසින් ඉන්දියාවේ පිහිටා ඇති සමාගමකින් ඇණවුම් කර මෙම බහාලුම් දෙක මෙරටට ආනයනය කර තිබුණ අතර එහි අර්තාපල් කිලෝග්‍රෑම් 53,000 අඩංගු බව රේගුවට ප්‍රකාශ කර තිබිණ.

නමුත් එම බහාලුම් පරීක්ෂා කිරීමේ දී එහි තුල ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ මෙරටට ආනයනය සීමා කර ඇති රුපියල් මිලියන තුනකට වඩා අධික වටිනාකමකින් යුත් රතු අල කිලෝග්‍රෑම් 16,000 ක් සොයා ගෙන ඇත.

මෙම රතු අල තොගය අර්තාපල් අඩංගු බෑග් වලට සමාන බෑග් වල අසුරා එම බහාලුම්වල ගැඹුරු අන්තයේ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ බවයි රේගු නිලධාරීන් සඳහන් කළේ.

මේ වන විට මෙම භාණ්ඩ නිෂ්කාශනය සඳහා පැමිණි වාප්පු ලිපිකරු රේගුව විසින් රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න