රනිල්ගේ පෙත්සම මාර්තු 30 කැඳවයි !

රනිල්ගේ පෙත්සම මාර්තු 30 කැඳවයි !

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු අග්‍රාමාත්‍ය , එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ විසින් ගොනුකර තිබෙන රීට් පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු 30 කැඳවීමට අභියාචනාධිකරණය අද (28) තීන්දු කර ඇත.

පෙත්සම අද කැඳවනු ලැබුවේ නිශ්ශංක බන්දුල කරුණාරත්න, එම්.ටී.එම්. ලෆාර් තාහිර්, ඩී.එම්. සමරකෝන් යන අභියාචනාධිකරණය විනිසුරු මඬුල්ල හමුවේ ය.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න , ඇතුළු එම සාමාජිකයින්, කොමිසමේ ලේකම්වරයා හා ජනාධිපති ලේකම්වරයා නම් කර තිබේ.

කොමිසමට කැඳවූ අවස්ථාවේදී තමන්ට චෝදනා පත්‍රයක් හෝ පැමිණිල්ලක් ඉදිරිපත් නොවූ බව සඳහන් කර ඇති පෙත්සම්කරු දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසමේ වාර්තාවෙහි තමන්ට එරෙහිව සොයාගැනීම් සහ නිර්දේශ සදහන් කර ඇති බවට පෙන්වා දෙයි.

එම කොමිසම විමර්ශනය කළ ආකාරය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි යැයි ද තමන්ට පැවරී ඇති බලතල ඉක්මවා ඔවුන් ක්‍රියාකර ඇතැයි ද පෙත්සමෙහි වැඩිදුරටත් සඳහන් කරන පෙත්සම්කරු, එම කොමිසමේ නිර්දේශ සහ සොයාගැනීම් බල රහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ද ඉල්ලා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න