අල්ලස් ගන්නවා මාට්ටුවූ විදුහල්පති බන්ධනාගාරයට !

අල්ලස් ගන්නවා මාට්ටුවූ විදුහල්පති බන්ධනාගාරයට !

පළමු ශ්‍රේණියට දරුවෙක් ඇතුලත්කර ගැනීමට රුපියල් එක්ලක්ෂ පනස් දහසක අල්ලස් මුදලක් ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන්ගේ ග්‍රහනයට හසුවුනු පානදුර ශ්‍රී සුමංගල පිරිමි විදුහලේ විදුහල්පතිවරයා අද (29) රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ අද එම විදුහල්පතිවරයාව පානදුර මහේස්ත්‍රාත් ලහිරු එන්. සිල්වා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

විදුහල්පතිවරයා එම අල්ලස් මුදල ලබාගෙන ඇත්තේ ඊයේ (28) සවස් කාලයේදීය.

2022 වසර සදහා පළමු ශ්‍රේණියට පැමිණිලිකරුගේ දරුවා ඇතුලත් කිරීමට රුපියල් ලක්ෂ 02 ක මුදලක් ඉල්ලා මුලින් රුපියල් 50,000 ක් ලබාගෙන ඇති බවත් අත්අඩංගුවට ගන්නේ ඉතිරි මුදල ලබාගන්නා අවස්ථාවේදී බවත් අල්ලස් කොමිසම සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න