බොරැල්ල දෙව් මැදුරේ බෝම්බ අවනඩුව : පාප්වහන්සේ වෙත යයි !

බොරැල්ල දෙව් මැදුරේ බෝම්බ අවනඩුව : පාප්වහන්සේ වෙත යයි !

පාස්කු වින්දිතයන්ට යුක්තිය ප‍්‍රමාද වීම සහ බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දෙව් මැදුරේ අත් බෝම්බ සිද්ධිය පිළිබදව ශුද්දොත්තම පාප් වහන්සේගේත් වතිකාන පරිපාලනයේත් අවදානය යොමු වී ඇති බව මව්රට පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

අදාළ පුවත වැඩිදුරටත් මෙසේද වාර්තා කර ඇත.

පාස්කු ප‍්‍රහාරය පිළිබදවත්, බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ අත් බෝම්බය තැබීමේ සිද්ධිය පිළිබදවත් පැවැත්වෙන විමර්ෂණ පිළිබද තමන්ට විශ්වාසයක් නැති බව මැල්කම් රන්ජිත් කාදිනල් හිමියෝ අවස්ථා කිහිපයකදීම ප‍්‍රකාශ කර තිබුණි.

පරීක්ෂණ සදහා ජාත්‍යන්තර මැදිහත් වීමක් අවශ්‍ය බවටද උන් වහන්සේ පැවසී ය.

ඒ අනුව, පාස්කු ප‍්‍රහාරය සහ ඒ හා සම්බන්ධ අනෙකුත් සියළු සිද්ධීන් පිළිබදව ස්වාධීන වෙනම පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට වතිකානය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මේ පිළිබදව මෙරට කතෝලික ප‍්‍රජාවේ ගිහි පැවිදි නායකයන් කිහිප දෙනෙකු වතිකානය සමග සාකච්ඡා කරමින් සිටින බව පැවසේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න