කාලිංඝ මාඝගේ සහ මේ ආණ්ඩුවේ වැඩ : සජිත් පහදයි !

කාලිංඝ මාඝගේ සහ මේ ආණ්ඩුවේ වැඩ  : සජිත් පහදයි !

උඩරට කැරැල්ල කාලේ සුද්දෝ රටේ ගෙඩි හැදෙන ගහක් ගානේ විනාශ කළ බවත්, කාලිංඝ මාඝ යුගයේ මේ රටේ අතීත ශිෂ්ටාචාරය විනාශ කළ බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, වර්ථමාන ආණ්ඩුව රටේ කෘෂිකර්ම ශිෂ්ටාචාරය සහමුලින්ම විනාශ කළ බව අවධාරණය කරයි.

විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ ඊයේ (28) දඹුල්ල නගරාසන්න පැවති සමගි ජන බලවේගයේ ජන හමුවකට එක්වෙමින්ය.

පිපිරීම් නවත්තන බව කියා පැමිණි ආණ්ඩුව යටතේ අතට ගන්න ගෑස් සිලින්ඩරය පවා පිපිරෙන තැනට පත්වී ඇති බවත්,එපමණක් නොව පොහොර කෑන් පවා පිපිරෙන බවත් විපක්ෂ නායක පැවසීය.

ඒ මදිවට,ගෙන්වා ඇති දියර පොහොර උහුලන්නට බැරි තරම් දුගදකින් යුක්ත බව කී විපක්ෂ නායක ඒ දුගඳ අරලියගහ මන්දිරයට දැනෙන්නේ නැති බවත් , ජනාධිපති මන්දිරයට දැනෙන්නේ නැති බවත්, පාර්ලිමේන්තුවට දැනෙන්නේ නැති බවත් පැවසීය.

ජනතාවගේ දුක වේදනාව දැනෙන ස්නායු ආණ්ඩුවට නැතැයි කී විපක්ෂ නායකතුමා, සීනි වංචාව, පොල්තෙල් වංචාව, කෝවිඩ් ගසාකෑම ඇතුලු මහා දූෂණ වංචා අක්‍රමිකතාවලට ආණ්ඩුව වගකිවයුතු බව පැවසීය. අද වන විට ශ්‍රී ලංකාව දූෂණ දර්ශකයේ අතිශය පහල තැනකට රට පත්වී ඇතැයි ද ඔහු පැවැසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න