ආන්දෝලනාත්මක බදු පනත් කෙටුම්පත : පෙබ 10 විවාදයට !

ආන්දෝලනාත්මක බදු පනත් කෙටුම්පත : පෙබ 10 විවාදයට !

ආන්දෝලනාත්මක විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම පෙබරවාරි 10 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මෙම පනත් කෙටුම්පතට එරෙහිව මේ වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයත් වෘත්තීය සමිති විරෝධය දැක්වීම ආරම්භ කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මීට එරෙහිව නීති මඟින් කටයුතු කරන බවය.

එසේම අදාළ පනත් කෙටුම්පත මගින් රජයේ මූල්‍ය හා බදු පාර්ලිමේන්තු විෂය පථයෙන් ඉවත් කර ඇමතිවරයෙකු යටතට පත් කෙරෙන බවට එක්සත් ජාතික පක්ෂය ද චෝදනා කරයි.

පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍ය අභිබවා යන්නක් බව විපක්ෂයේ මතය වී ඇති අතර මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති , හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද වෘත්තීය සමිති වෙත පසුගියදා පැවති සාකච්ඡාවක් අවස්ථාවේ පොරොන්දු වී ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න