හිජාස් : පෙබරවාරි 09 අභියාචනාධිකරණයෙන් ඇප ඉල්ලන්න !

හිජාස් : පෙබරවාරි 09 අභියාචනාධිකරණයෙන් ඇප ඉල්ලන්න !

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන මාස විස්සකට ආසන්න කාලයක් රදවාගෙන සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලාට ඇප ලබා දීම ඊයේ (28) පුත්තලම මහාධිකරණය ප‍්‍රතික්ෂේප කර තිබේ.

නීතීඥ හිජාස් හිස්බුල්ලාට ඇප ලබා දීමට නීතිපති දෙපාර්තමේන්තුවෙන් විරෝධයක් එල්ල නොවූවද, එය තමන්ගේ බල ප‍්‍රදේශය නොවන බව පවසමින් පුත්තලම මහාධිකරණ විනිසුරුවරිය ඇප ලබා දීම ප‍්‍රතික්ෂේප කර තිබේ.

නැවත පෙබරවාරි නමවනදා, නීතීඥ හිජාස් හිස්බුල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එහිදී ඇප ඉල්ලා සිටින ලෙස පුත්තලම මහාධිකරණ විනිසුරුවරිය විත්තිකරුට දැනුම් දී තිබේ.

පසුගිය විසිවන දා නීතීඥ හිජාස් හිස්බුල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව පවසා සිටියේ, ඔහුට ඇප ලබා දීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ විරෝධයක් නැති බවයි.

නීතිඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධ මේ නඩුව මේ වන විට ජාත්‍යන්තර මානව හිමිකම් සහ නීතිඥ සංවිධාන වල දැඩි අවධානයක් යොමුව ඇති නඩුවක් බවට පත්ව ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න