සීයට තුනට බිත්තර ගහන : 2.50 වැඩේ මම නෑ - ප්‍රසන්න

සීයට තුනට බිත්තර ගහන : 2.50 වැඩේ මම නෑ  - ප්‍රසන්න

අනෙකුත් දේශපාලකයින්ට බිත්තර ගැසීම වැනි දෙකයි පනහේ වැඩ කිරිමට තමන් සම්බන්ධ නොවන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

ඊයේ (30) ගම්පහ දි ජාතික ජන බලවේගයේ රැස්වීමකට බිත්තර ප්‍රහාරයක් එල්ල විමේ සිද්ධිය සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ගමන් කළ වාහනයට ගම්පහ දි බිත්තරවලින් පහරදීමේ සිද්ධියට ප්‍රසන්න රණතුංග මහතා සම්බන්ධ බවට පැතිර යන චෝදනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැතිවරයා සඳහන් කලේ සියයට තුනක් වැනි ඡන්ද ප්‍රතිශතයක් හිමි ජනතා විමුක්ති පෙරමුණට බිත්තර ගසා නැති ප්‍රසිද්ධියක් හෝ ජනතා ප්‍රසාදයක් අත් කර දීමට තරම් තමා ප්‍රාථමික දේශපාලනඥයෙකු නොවන බවයි.

සිය කීර්ති නාමයට හානිකර අන්දමේ ප්‍රචාරණයක් ගෙන දුන් අදාල සිදුවිම සම්බන්ධයෙන් අපක්ෂපාතී විදිමත් පරික්ෂණයක් සිදුකර, සිද්ධියට සම්බන්ධ වූවන් අත් අඩංගුවට ගෙන ඔවුන් මෙහෙයවූයේ කවුදැයි රට හමුවේ හෙළිකළ යුතුව ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න