ලිත් නඩුවෙන් බැසිල් නිදහස් : පැමිණිල්ලේ සාක්ෂි විත්තියේ වාසියට !

ලිත් නඩුවෙන් බැසිල් නිදහස් : පැමිණිල්ලේ සාක්ෂි විත්තියේ වාසියට !

ලිත් නඩුවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිදොස්කොට නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත අද (01) තීන්දු කළේය.

ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට වාසිවන අන්දමට ඔහුගේ රුව ඇතුළත් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීමෙන් රජයට පාඩු සිදු කළ බවට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කිත්සිරි රණවක ට එරෙහි නඩුවෙන් විත්තිකරුවගේ වාචික නොකැඳවාම ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත නියෝග කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, එම නඩුවේ පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ සාක්ෂි පැමිණිල්ලේ චෝදනා ඔප්පු කිරීමට නොව ඒවා බැහැර කිරීමට හේතුවී ඇති බවය.

එම නඩුවේ චෝදනා එල්ල වන ලිත් මුද්‍රණය කිරීම හා බෙදා හැරීමේ ක්‍රියාවලිය විධිමත් පටිපාටියකට අනුව සිදුවී ඇති බව සාක්ෂි මඟින් අනාවරණය වී ඇති බවත් ඒ සඳහා දැරූ වියදම් විසර්ජන පනතේ ප්‍රතිපාදනවලට අනුව භාණ්ඩාගාර අනුමැතියට යටත්ව සිදුකර ඇති බව සාක්ෂිවලින් අනාවරණය වී ඇති බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

විත්තකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පුකොට නොමැති බව විත්තිකරුවන් නිදහස් කරමින් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

පසගිය අවස්ථාවේ පැමිණිල්ලේ සාක්කි විභාගය අවසන් බව දැනුම් දිමෙන් අනතුරුව විත්තියේ වාචික කැඳවනවාද යන්න සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදීම සඳහා නඩුව කැඳවනු ලැබී අවස්ථාවේ විත්තිකරුවන් නිදහස් කිරීමට විනිසුරුවරයා තීරණය කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න