පුතා ඇතුලේ : අරුන්දික ඉල්ලා අස්වෙයි !

පුතා ඇතුලේ  : අරුන්දික ඉල්ලා අස්වෙයි !

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

රාගම වෛද්‍ය පීඨ සිසුන් පිරිසකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වෙන තුරු සිය ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කළ බව හෙතෙම පවසා ඇත.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයා ගේ පුතා ඇතුළු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 07 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා වන 23 හැවිරිදි අවින්ද රන්දිල ජෙහාන් ප‍්‍රනාන්දු පොලිස් අත්අඩංගුවට ගනිමින් පොලිසිය පවසා සිටියේ රාගම වෛද්‍ය පීඨ නේවාසිකාගාරයට සිදු කරන ලද පහර දීම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම කරන ලද බවයි.

අමාත්‍ය වරයාගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලීසියට භාර වීමෙන් පසුවය.

මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසන්නේ ,තම අමාත්‍යංශය යටතේ ඇති ආයතනයක වාහනයක් රාගම වෛද්‍ය පීඨයට ගොස් ඇත්තේ ජ්‍යෙෂ්ට සිසුන්ගේ පහරදීමෙන් කනිෂ්ඨ ශිෂ්‍යයන් බේරාගන්න බවයි.

මෙම තොරතුරු තමන්ට වාර්තා වූ ඒවා බව ද පැවසූ ඔහු මේ ගැන සාධාරණ පරීක්ෂණයක් සිදුකළ හොත් නිවැරදි තොරතුරු සොයාගත හැකි බවද පවසයි.

තමන් මෙම සිදුවීම දැනගත්තේ එදින පෙරවරුවේ බවත් අමාත්‍යාංශයට අයත් වාහන ගොස් සරසවි සිසුන්ට පහර දී ඇත්තේ නම් තමන් ඒ පිළිබඳව සමාව ඉල්ලන බව ද හෙතෙම කියා සිටියේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් පොලිසියක තමන්ගේ නමක් හෝ සටහන්ව නැති බවත් හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

සිදුවීම සම්බන්ධයෙන් සාධාරණය පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් පවසන ඔහු එම පරීක්ෂණ සඳහා තමන්ගේ උපරිම සහාය දෙන බව ද කියා සිටියේය.

කෙසේ වුවත් පසුගියදා අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ තමන් මේ පහරදීමට සම්බන්ධ බව ඔප්පු වුවහොත් ඉල්ලා අස්වීමට සූදානම් බවය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න