ඛනිජ තෙල් සංස්ථාව රැකගන්න : ඉන්ධන මිල යළිත් ඉහළට ?

ඛනිජ තෙල් සංස්ථාව රැකගන්න : ඉන්ධන මිල යළිත් ඉහළට ?

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ මොහොතේ ගොඩ ගැනීමට නම් ඩීසල් ලීටරයක් රුපියල් 25 කින්, පැට්‍රෝල් ලීටරයක් රුපියල් 18 කින්, සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 40 කින් වැඩි කළ යුතු බව එම සංස්ථාවට අනුබද්ධ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු වන බන්දුල සමන් කුමාර පවසයි.

අද වන විට විදුලි බල මණ්ඩලය ඇතුළු රජයේ ආයතන රැසකින් ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු ණය මුදල් නොගෙවීම හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව බංකොලොත් වී ඇති බවත් ඔහු පවසයි.

බංකොලොත් වී ඇති ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ආණ්ඩුව විසින් ඉදිරියේ දී පුද්ගලික අංශයට විකුණා දැමීමට කටයුතු කරන්නේ නම් එයට එරෙහිව දැවැන්ත වූ වෘත්තීය සමිති අරගලයක් කිරීමට බලාපොරොත්තු වන බවත් බන්දුල සමන් කුමාර පැවසීය.

නීති විරෝධී ආකාරයට කැබිනට් පත්‍රිකාවක් අනුමත කර විදුලිබල මණ්ඩලයට ඛණිජ තෙල් ආනයනය කිරීමට අවසර ලබාදී ඇති බවටද හෙතෙම චෝදනා කරයි.

ඩොලර් මිලියන 500 මුදලකට ඉන්දියානු සමාගම් තුනකින් රජය ඛනිජ තෙල් මිලදී ගැනීම තුළින් තව තවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අර්බුදයට ලක්වන බවත් ඔහු පවසයි.

ඔහු මේ අදහස් දක්වා සිටියේ youtube නාලිකාවක් සමග සාකච්ඡාවක් සඳහා සහභාගි වෙමිනි.

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න