අරුන්දික වෙනුවෙන් : කොටුවේ සහ උඩුවේ හිමිවරුන් පැටලෙති !

අරුන්දික වෙනුවෙන් : කොටුවේ සහ උඩුවේ හිමිවරුන් පැටලෙති !

අරුන්දික ප්‍රනාන්දු හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ට උඩුවේ ධම්මාලෝක හිමියන් විසින්ම චරිත සහතික දීම අනවශ්‍ය බව කොටුවේ පොඩි හාමුදුරුවන් පවසයි.

දරුවන් දෙපිරිසක් අතර ඇතිවූ මේ ගැටුම සම්බන්ධයෙන් මේ වන විට නීතිය ක්‍රියාත්මක වන බැවින් උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ චරිත සහතික අනවශ්‍ය බවත් එම හිමියන් ගේ අදහසයි.

මේ සිද්ධිය පදනම් කරගෙන අරුන්දික ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාගේ දේශපාලනය අවසන් කිරීමට කිසිවෙකුටත් තමන් වහන්සේ ඉඩ නොතබන බව කොටුවෙ පොඩි හාමුදුරුවො කියා සිටියි.

අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් මෙන්ම රට වෙනුවෙන් ද විශාල කැපකිරීමක් කළ අමාත්‍යවරයෙකු බවත් කොටුවෙ පොඩි හාමුදුරුවන් සදහන් කරයි.

උඩුවේ හිමියන් ගේ ප්‍රහාරය !

කොටුවේ පොඩ් හාමුදුරුවන් මේ ආකාරයට මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වා සිටියේ අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන්න ජනාධිපතිවරයා ගත් තීන්දුව අගය කරමින්, 'රට රකින ජනහඬ' සංවිධානය, පෙබරවාරි 04 වෙනිදා නාරාහේන්පිට අභයාරාමයේ පැවැත්වූ මාධ්‍ය හමුවේ අදහස් සම්බන්ධයෙන් ය.

ඒ මාධ්‍ය හමුවේදී කොළඹ සරසවියේ කුලපති, පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, ජනාධිපතිතුමා ගත් පියවර ඉහළින් අගය කළේය.

උඩුවේ ධම්මාලෝක හිමි, මේ මාධ්‍ය හමුවේදී පවසා සිටියේ , දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අරුන්දික ප්‍රනාන්දු ගේ පුත්‍රයාට වඩා, අරුන්දික ප්‍රනාන්දු සිය දහස් ගණනින් වැරදි කරන බවකි.

පුත්තලම දිස්ත්‍රික්කයේ තරම් අපරාධ, වැරදි, අකටයුතුකම් සිදුවෙන, වෙනත් දිස්ත්‍රික්කයක් මේ ශ්‍රී ලංකාවේ නැති බවත් පුත්තලම් දිස්ත්‍රික්කයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේ නමකට, පසුගිය සතියේ පිහියෙන් ඇනීමක් සිදුව ඇති බවත්, නමුත් එම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම, අරුන්දික ප්‍රනාන්දු ගේ මැදිහත්වීමෙන් බවත් උඩුවේ හිමියන් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න