නෙළුම් පොකුණ අපේ වැඩක් : විජිත හේරත් අතීතය හෙළිකරයි !

නෙළුම් පොකුණ අපේ වැඩක් : විජිත හේරත් අතීතය හෙළිකරයි !

මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ ඉදිකළ බව කියන නෙළුම් පොකුණ ඔහුගේ සංකල්පයක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ජවිපෙ ජනහමුවක් අමතමිනි.

නෙළුම් පොකුණ 2004 වසරේ තමන් සංස්කෘතික අමාත්‍ය ධුරය දරන කාලයේ චීනය සමඟ සාකච්ඡා කර ආරම්භ එකඟතාවකට පත් වූ ව්‍යාපෘතියක් බව විජිත හේරත් මන්ත්‍රීවරයා එහිදී පවසා ඇත.

චීනය විසින් මුලින් යෝජනා කරන ලද සැලැස්ම තමන්ගේ මැදිහත්වීමෙන් නෙළුම් පොකුණ හැඩයට ඉදි කළ බවත් එහි අදහස ලබාදුන්නේ සංස්කෘතික අරමුදලේ වැඩ පරීක්ෂකවරයෙකු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

සුනාමි සහන මණ්ඩල ගිවිසුම් යෝජනාවලිය මත ජනතා විමුක්ති පෙරමුණ 2004 වසරේදී ආණ්ඩුවෙන් ඉවත් වූ පසු 2005 වසරේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය විසින් මේ සඳහා මුල්ගල තැබූ බවත් පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපති වී තමන්ගේ නමින් නම් කරමින් එය විවෘත කල බවද ඔහු සඳහන් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න