මරික්කාර් අගමැතිගෙන් ගේම ඉල්ලයි : සල්ගාදු පිටියේ රැළියක් ?

මරික්කාර් අගමැතිගෙන් ගේම ඉල්ලයි : සල්ගාදු පිටියේ රැළියක් ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී ඊයේ (9) පැවැති ජනරැලියේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අභියෝගය බාර ගනිමින් තම පක්ෂයද ලබන මාසයේදී එම ක්‍රීඩාංගණයේදීම ජනරැලියක් පවත්වන බව සමඟි ජනබල වේගය පක්ෂය පවසයි.

එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මේ බව සදහන් කර සිටියි.

ඔහු පවසන්නේ රජය විසින් කල්දමා ඇති පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස තම පක්ෂය රජයට අභියෝග කරන බවය.

එවිට සැබෑ ජනරැල්ල ඇත්තේ කාටද යන්න සෑබෑවටම දැකගත හැකිවනු ඇතැයිද මන්ත්‍රීවරයා පවසයි.

සමඟි ජනබලවේගයට කුඹුර, මහපාර, වැල්ල මෙන්ම ඕනෑම ජන්දයක්ද ඔට්ටු යැයිද මරික්කාර් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න