කාදිනල් ජාත්‍යන්තරයට : ශෙහාන්ට ඇප !

කාදිනල් ජාත්‍යන්තරයට : ශෙහාන්ට ඇප !

සිවිල් ක්‍රියාකාරී ශෙහාන් මාලකට ඇප නියම කිරීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

 පසුගිය දා මාධ්‍ය හමුවකදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ පානදුර ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගනු ලැබිණ.

ඒ සම්බන්ධයෙන් පසුගිය දා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඔහුගෙන් ප්‍රකාශයක් ද සටහන් කරගෙන තිබිණ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, නීතිපතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරනු විමසීමෙන් අනතුරුව ඔහු ලබාදුන් නීති උපදෙස් අනුව ෂෙහාන් මාලක අපරාධ වරදක් සිදුකර ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගත් බවයි.

මේ අතර කාදිනල් මැල්කම් රංජිත් හිමි අද (15) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේ, මෙරට තුල පාස්කු වින්දිතයන් වෙත යුක්තිය ඉටු වන්නේ නැත්නම් ජාත්‍යන්තර සංවිධාන හරහා හෝ ඒ වෙනුවෙන් කටයුතු කරන බවයි.

එසේම කාදිනල්වරයා මේ මස අවසානයේ වතිකානුවේ විශේෂ සංචාරයක නිරතවීමට නියමිත බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න