චමුදිතට අසූචි ගහපු අසූචි ප්‍රේමියා ගැන මේ අවස්ථාවේ කතා කරන්නේ නෑ - ඩලස්

චමුදිතට අසූචි ගහපු අසූචි ප්‍රේමියා ගැන මේ අවස්ථාවේ කතා කරන්නේ නෑ - ඩලස්

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට අසූචි ප්‍රහාරය එල්ල කළ අසූචී ප්‍රේමියා කවුද යන්න පිළිබඳව මේ අවස්ථාවේද කථා නොකරන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

ඒ  කැබීනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ වැසිකිළියක සැඟවී සිටින ප්‍රජාතන්ත්‍රවාදය නොහඳුන පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇත බවත්, අසූචි ප්‍රහාරයෙන් වහනය වන්නේ කුණුවූ සමාජයක කුණුවූ දුර්ගන්ධයක් බවත්ය.

මාධ්‍යවේදී චමුදිතට මෙලෙස එල්ල වූ ප්‍රහාරය රජය හෙළා දකින බවත් අමාත්‍යවරයා රජය වෙනුවෙන් මේ  ප්‍රකාශය කර සිටියේය.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගේ පිළියන්දල පිහිටි නිවසට එල්ල වූ ප්‍රහාරයට පැමිණ මැරයින් හඳුනාගැනීම සඳහා සීසීටීවී දර්ශන පරීක්ෂාවට පොලිස් කණ්ඩායම් 9ක් යොදා ‍ඇතැයි ද ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මෙම මාධ්‍ය හමුවේදී පැවසිය.

එම කණ්ඩායම් සඳහා පොලිස් නිලධාරීන් 60ක් පමණ අනුයුක්ත කර ඇති බව ද අමාත්‍යවරයා  කීය.

එමෙන්ම මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියාසිටියේ “මෙය පොලිස් රාජ්‍යයක් නොවන බවත් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය අසන ප්‍රශ්න වෙනුවෙන් පොලීසියට මාධ්‍යවේදීන් කැඳවා ප්‍රශ්න කිරීමට නොහැකි බවයි” ඒ වෙනුවෙන් තමා‍ පෙනී සිටින බවත් හෙතෙම කීය.

ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියාසිටියේ, මාධ්‍යවලට අද වනවිට අසීමිත බලයක් පවතින බවත් එය අසීමිත වගකීමක් බව ද කිසියම් හෝ කරුණක් සමාජගත කිරීමේදී සිහිතබා ගත යුතු බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න